තවත් කොවිඩ් මරණ හතරක් ; එකතුව 457 ක්
තවත් කොවිඩ් ආසාදිත මරණ 04 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ ය.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගණන නිල වාර්තා අනුව 457 කි.
අදදින මරණ වාර්තා වී ඇත්තේ , බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක්, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිද කාන්තාවක්, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වශයෙනි.
