ජනතාව ආණ්ඩුවක් පත්කර ගන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට මිස මැති ඇමතිවරුන්ගේ ප්‍රශ්න අසා සිටීමට නොවේ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

ජනතාව ආණ්ඩුවක්  පත් කර ගන්නේ තමන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට මිස මැති ඇමතිවරුන්ගේ ප්‍රශ්න අසා සිටීමට  නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (24) ප්‍රකාශ කළේය. සෞභාග්‍ය දැක්ම නැමති කරුවල ප්‍රතිපත්තිය මේ වන විට ක්‍රියාත්මක වන නිසා වියත්මඟේ මැති ඇමතිවරුන් ජනතාවගෙන්  අඳුරේ සිටින්නැයි ඉල්ලා සිටින බව කී නියෝජ්‍ය නායකයා වත්මන් ආණ්ඩුවේ මැති…

ආණ්ඩුවට චීන හාල් කැවිලා ? ටොන් මිලියනයක් නිකම් දෙන්න එකඟ වී නැහැ !

ශ්‍රී ලංකාවට සහල් ටොන් මිලියනයක් නොමිලේ පරිත්‍යාග කිරීමට චීන රජය එකඟ වී ඇතැයි ආණ්ඩුවෙන් කරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව චීනයේ වෙළෙඳ අමාත්‍යංශ ප්‍රකාශ උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කොට ඇත. එම වාර්තා කියන්නේ එබඳු පරිත්‍යාගයක් කිරීමට චීනය තීරණයක් ගෙන නොමැති බව යි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රමේෂ් පතිරණ ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන…

අද කොවිඩ් මරණ 15 ක් නව ආසාදිතයින් 838 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කොට ඇති නිවේදන අනුව මෙරටින් අද තහවුරු කළ මරණ සංඛ්‍යාව 15 ක් වන අතර නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති සංඛ්‍යාව 838 කි. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට වාර්තා වී ඇත්තේ 15,299 ක් වශයෙනි. මෙතෙක් මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 601,886 ක් ලෙස සටහන් වී…

චම්පිකගේ 43 සේනාංකයට එජාප, සජබ දෙකම එක්වෙයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතගේ නායකත්වයෙන් යුතු 43 සේනාංකයේ ජාතික සමුළුව අද පැවති අතර එයට එක්සත් ජාතික පක්ෂයේ මෙන් ම සමගි ජන බලවේගයේ ද ප්‍රබල පිරිසක් එක්ව සිටීම කැපී පෙනෙන සිදුවීමක් වී ය. එක්සතජතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ සාගල රත්නායක මහත්වරුන් එයට සහභාගී වී සිටි අතර සමගි ජන බලවේගයේ ප්‍රධාන…

අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්න ඩොලර් දීම සලාක ක්‍රමයකට ; මුදල් දෙනවා කියන්න දීමක් !

කිරිපිටි, සහල්, සිමින්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට මහ බැංකුව මුදල් නිකුත් කිරීම විශාල ලෙස සීමා කොට ඇති බවත්, ඒ අනුව බැංකුවලින් ණයවර ලිපි නිකුත් කරන්නේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයෙන් අඩකට පමණ බවත්, වෙළෙඳපොළේ තතුදත් අංශ කියයි. මෙලෙස සීමා කරමින් ණයවර ලිපි නිකුත් කරන ලෙස මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් දී තිබේ. ඒ අනුව මසකට කිරිපිටි නැව්…

රනිල්, නාමල් රහස් හමුවක් ගැන කතා

නාමල් රාජපක්ෂ ඇමතිවරයා පසුගිය දිනක එජාප නායක රනික් වික්‍රමසිංහ මහතා හමු වී දීර්ඝ සාකච්ඡාවක යෙදුනු බවට සමාජ මාධ්‍යයේ වාර්තා පළවෙමින් පවතියි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සැලසුමකට අනුව මෙම හමුව සිදුව ඇති කියති. ආණ්ඩුවේ ඇතැම් නායකයින්ගේ හිතුවක්කාර ක්‍රියා නිසා ඇතිවී තිබෙන පසුබෑම හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වූ බව කියති.

අද කොවිඩ් වාර්තා : මරණ 12 යි, නව ආසාදිතයින් 845 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දින නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 12 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 845 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,284 ක් වශයෙන් සටහන් වෙයි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ…

ආර්ථික විශ්වාසය තවත් පිරිහෙයි – LMD සමීක්ෂණය හෙළිකරයි

නවතම LMD-NielsenIQ Business Confidence Index (BCI) සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ඉදිරි මාස 12 තුළ ආර්ථික වාතාවරණය පිළිබඳ ව්‍යාපාරික විධායකයින් අතර විශ්වාසය දෙසැම්බර් මාසයේ දී තව දුරටත් පිරිහී ගොස් තිබේ. එම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයක් ( නොවැම්බරයේ 55% සිට දෙසැම්බරයේ 71% දක්වා වැඩි වී ඇත ) ආර්ථිකය පිළිබඳ වඩාත් අශුභවාදී දැක්මක් දිගටම පවත්වා ගෙන යන අතර, හුදෙක්…

මෙරට සමස්ත කොවිඩ් ආසාදීත සංඛ්‍යාව හය ලක්ෂය පනී

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 840 ක් හඳුනාගත්  බව රජය වාර්තා කිරීමත් සමග මෙරටින් නිල වශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලක්ෂ හය ඉක්මවා ගියේ ය. මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 600,203 ක් වශයෙනි. අද දිනයේ රජය වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 17 කි. ඒ අනුව මෙට සමස්ත කොවිඩ්…

ජනාධිපතිගේ කතා විවදයෙදීත්, රනිල්ට, අනුර කුමාරට, සුමන්තිරන්ට කැපිල්ලක් !

  ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධව  කල්තැබීමේ විවාදයට වෙන් කෙරුණු කාලයෙන් සමගි ජන බලවේගය හැර විපක්ෂයේ සෙසු පක්ෂ සඳහා වෙන් කෙරුණු කාලය අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, එම ඒ සුමන්තිරන් මන්ත්‍රීවරුන්ගේ කාලය අඩුකොට එම කාලය සමගි ජන බලවේගයෙන් ලබාගෙන ඇතැයි දැනගන්නට තිබේ. තමන්ගේ කාලය අඩු කිරීම…

අද කොවිඩ් වාර්තා : මරණ 12 යි, නව ආසාදිතයින් 827 යි

අද දිනයේ රජය නිකුත්කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 12 ක් වන අතර නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති සංඛ්‍යාව 827 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 15,255 ක් වශයෙනි. මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 599,363 ක් දක්වා ඉහළ…

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කමිටුවට මෙවරත් රනිල් නැහැ

පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය  ඇතුළු බොහෝ කටයුතු තීරණය කරන  ප්‍රධාන ව්‍යුහයවන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පක්ෂ නායක රැස්වීම) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද  (20) පත් කරනු ලැබූ අතර පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සියල්ල එහි නියෝජනය වුව ද එකසත ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එයට පත් කොට නොතිබීම විශේෂතවයකි. පාර්ලිමේන්තුවේ සැසිවාරය ජනාධිපතිවරයා විසින්…