අද කොවිඩ් මරණ 15 ක් නව ආසාදිතයින් 838 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කොට ඇති නිවේදන අනුව මෙරටින් අද තහවුරු කළ මරණ සංඛ්‍යාව 15 ක් වන අතර නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති සංඛ්‍යාව 838 කි.
මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට වාර්තා වී ඇත්තේ 15,299 ක් වශයෙනි.
මෙතෙක් මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 601,886 ක් ලෙස සටහන් වී තිබේ.
