ආණ්ඩුවට චීන හාල් කැවිලා ? ටොන් මිලියනයක් නිකම් දෙන්න එකඟ වී නැහැ !
![]()
ශ්‍රී ලංකාවට සහල් ටොන් මිලියනයක් නොමිලේ පරිත්‍යාග කිරීමට චීන රජය එකඟ වී ඇතැයි ආණ්ඩුවෙන් කරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව චීනයේ වෙළෙඳ අමාත්‍යංශ ප්‍රකාශ උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කොට ඇත.
එම වාර්තා කියන්නේ එබඳු පරිත්‍යාගයක් කිරීමට චීනය තීරණයක් ගෙන නොමැති බව යි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රමේෂ් පතිරණ ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කළ ඉල්ලීමකට අනුව අදාළ පරිත්‍යාගය ලබා දීමට චීන රජය එකඟ වූ බව යි.
කෙසේ වෙතත්, එබඳු පරිත්‍යාගයක් කරන බවට චීන රජයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කොට නැත.
මාධ්‍ය වාර්තා කරන්නේ එබඳු පරිත්‍යාගයක් කිරීමට චීන රජය එකඟ වී ඇතැයි යන්න චීන නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බව යි.
