ජනතාව ආණ්ඩුවක් පත්කර ගන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට මිස මැති ඇමතිවරුන්ගේ ප්‍රශ්න අසා සිටීමට නොවේ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

ජනතාව ආණ්ඩුවක් පත් කර ගන්නේ තමන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට මිස මැති ඇමතිවරුන්ගේ ප්‍රශ්න අසා සිටීමට නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (24) ප්‍රකාශ කළේය.
සෞභාග්‍ය දැක්ම නැමති කරුවල ප්‍රතිපත්තිය මේ වන විට ක්‍රියාත්මක වන නිසා වියත්මඟේ මැති ඇමතිවරුන් ජනතාවගෙන් අඳුරේ සිටින්නැයි ඉල්ලා සිටින බව කී නියෝජ්‍ය නායකයා වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු විදුලි අර්බුදය විසදන්න යන්නේ ජනතාවට පැය කිහිපයක් විදුලිය නැතුව සිටින්නැයි ඉල්ලා සිටීමෙන් බවද පැවසීය.
මහා මාර්ග දෙපස විදුලි පහන් නිවා දැමීමෙන් ජනතාවට සිදුවන අනතුරුවලට වගකියන්නේ කව්රුන්දැයි විජයවර්ධන මහතා ප්‍රශ්න කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව කීවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික් නියෝජිත හමුවේ දී ය.
