චම්පිකගේ 43 සේනාංකයට එජාප, සජබ දෙකම එක්වෙයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතගේ නායකත්වයෙන් යුතු 43 සේනාංකයේ ජාතික සමුළුව අද පැවති අතර එයට එක්සත් ජාතික පක්ෂයේ මෙන් ම සමගි ජන බලවේගයේ ද ප්‍රබල පිරිසක් එක්ව සිටීම කැපී පෙනෙන සිදුවීමක් වී ය.

එක්සතජතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ සාගල රත්නායක මහත්වරුන් එයට සහභාගී වී සිටි අතර සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර සහ තලතා අතුකෝරල, කබීර් හෂීම්, මනෝ ගනේෂන් මහත්ම මහත්මීහු  එක්ව සිටියහ.

හිටපු කතානායක කරු ජයසුරිය මහතා සහ කුමාර වෙල්ගම මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

‘‘බලාපොරොත්තු අත්හැර නොගනිමු‘‘, ‘‘ගොඩ එමු- ගොඩ නගමු‘‘ යන තේමාව යටතේ 43 සේනාංකයේ ජාතික මහා සමුලූව එහි නායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පවත්වන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පිරියල් උත්සව ශාලාවේ දී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *