ආර්ථික විශ්වාසය තවත් පිරිහෙයි – LMD සමීක්ෂණය හෙළිකරයි

නවතම LMD-NielsenIQ Business Confidence Index (BCI) සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ඉදිරි මාස 12 තුළ ආර්ථික වාතාවරණය පිළිබඳ ව්‍යාපාරික විධායකයින් අතර විශ්වාසය දෙසැම්බර් මාසයේ දී තව දුරටත් පිරිහී ගොස් තිබේ.

එම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයක් ( නොවැම්බරයේ 55% සිට දෙසැම්බරයේ 71% දක්වා වැඩි වී ඇත ) ආර්ථිකය පිළිබඳ වඩාත් අශුභවාදී දැක්මක් දිගටම පවත්වා ගෙන යන අතර, හුදෙක් 5% (පෙර මාසයේ 11% හා සසඳන විට) තත්වයන් “වැඩිදියුණු වනු ඇතැයි” විශ්වාස කරයි.

තවද, මත විමසුම්කරුවන් විසින් තොරතුරු ලබා ගත් අයගෙන් 24% ක් පවසන්නේ ආර්ථික තත්ත්වයන් “එසේම පවතිනු ඇති” බවයි.

දිගුකාලීන ව්‍යාපාරික අපේක්ෂාවන් සඳහා වන ඉදිරි දැක්ම සම්බන්ධයෙන්, සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 86% ක් ඉදිරි මාස 12 තුළ විකුණුම් පරිමාව වැඩි වනු ඇතැයි අපේක්ෂා කරයි. නමුත් 4% ක් පහත වැටීමක් අපේක්ෂා කරයි.

කෙටි කාලීනව ගත් විට, සමීක්ෂණ නියැදියෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පවසන්නේ ඉදිරි මාස තුන තුළ විකුණුම් පරිමාව වැඩි දියුණු වනු ඇති බවයි. අනෙක් අතට, 47% මෙම කාලය තුළ විකුණුම් එලෙසම පවතිනු ඇතැයි අපේක්ෂා කරයි.

මේ අතර, සමීක්ෂණ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 1% ක් පමණක් ආයෝජන වාතාවරණය හිතකර ලෙස සලකන අතර, විශාල බහුතරයක් (90% – පෙර මාසයේ 75% ට සාපේක්ෂව) තත්වයන් විස්තර කරන්නේ “දුප්පත්” හෝ නරක ලෙස ය.

Daily FT

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *