අද කොවිඩ් වාර්තා : මරණ 12 යි, නව ආසාදිතයින් 845 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දින නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 12 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 845 කි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,284 ක් වශයෙන් සටහන් වෙයි.
මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 601,048 ක් වශයෙනි.
