බදාදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට එරෙහි ඡන්දයක්

  බදාදා, 4 දා රැස්වන පාර්ලිමේන්තුවේ පළමු සැසිය තුළ දී ම ඡන්දයක් ලබාගෙන ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂ කණ්ඩායම් සැලසුම් කොට තිබේ. නියෝජ්‍ය කතානායක වරයකු තෝරාගැනීමේ ඡන්දය ලබාගෙන එහි දී ආණ්ඩුව පරාජය කිරීම විපක්ෂයේ සහ ආණ්ඩුවෙන් ස්වාධින වූ කණ්ඩායමේ බලාපොරොත්තුව වී තිබේ. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට බහුතරය නැති බව පෙන්වීම මෙහි ප්‍රධාන අරමුණ බව කියති. හිටපු නියෝජ්‍ය…

ජනාධිපතිට එරෙහි විශ්වාස භංගයට විපක්ෂය එකට

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා කෙටුම්පත් කොට ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවට සහය දීමට විපක්ෂයේ සියලු පක්ෂ ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එයට සහය දෙන බව මේ වන විටත් ප්‍රකාශ කොට තිබේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් ද එයට සහය තම…

නව මහ බැංකු අධිපතිත් ගැසට් සරණ යයි ; ව්‍යාපාරිකයෝ කැළඹෙති

බැංකු ක්‍රමයට පිටතින් මුදල් ගෙවා භාණ්ඩ ආනයනය නතර කිරීමට නුදල් අමාත්‍යාංශය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කරවීමට මහ බැංකුව ගත තීරණයත් සමග ආනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් අතර විශාල කැළඹීමක් හටගෙන ඇති බවත්, මේ නිසා බොහෝ අත්‍යවශ්‍ය ආනයන නවතින තත්ත්වයක් ඇති විය හැකි බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි. එමෙන් ම මෙය පසුගිය කබ්රාල් මහ බැංකු අධිපති යටතේ…

රටේ සියයට 87 කට ම ජනපති අගමැති දෙදෙනා ම එපා වෙලා ! – සමීක්ෂණයකින් හෙළිවෙයි

අගමැති ජනපති දෙදෙනා ම බලයෙන් ඉවත්විය යුතු යයි කියන ජනතා ප්‍රතිශතය සියයට 87 ඉක්මවා ඇති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කළ ජන මත සමීක්ෂණයකින් හෙළි වී තිබේ. ඒ අනුව ජනාධිපති ඉවත්විය යුතු බව කියන ප්‍රතිශතය සියයට 87.3 ක් වන අතර අගමැතිතුමා ඉවත්විය යුතු බව කියන ප්‍රතිශතය සියයට 89.7 කි. පාර්ලිමේන්තුවේ 225 ම එපා කියන සංඛ්‍යාව සියයට…

‘අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟ වුණා‘ – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

    නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එම නව ආණ්ඩුවට අවශ්‍ය උපදෙස්දීම සඳහා ජාතික සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන…

ජනාධිපතිගේ ආණ්ඩු පක්ෂ රැස්වීම ගෝරි ගොඩක් වී තීරණයක් නැතිව අවසන්

    අන්තර් වාර පාලනයක් පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති මැදුරේ අද කැඳවා තිබු රැස්වීම ගෝරි ගොඩක් මැද තීරණයක් නැතිව අවසන් වී ඇති වාර්තා වෙයි. මෙහිදී ආණ්ඩුව ඉවත් වී අන්තර් පාලනයකට යා යුතු බව පිරිසක් ප්‍රකශ කරද්දී අගමැති මහින්දට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති බව තවත් පිරිසක් චෝදනා කොට තිබේ. ඩලස් අලහප්පෙරුම මහතාට එල්ල වූ කුමන්ත්‍රණ චෝදනා ඒ…

ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න බලකරන විශ්වාසභංගයක් ; සුමන්තිරන් ගෙනෙයි ; එජාපයෙන් සහය

  ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය බිඳවැටී  ඇති නිසා ඔහුට ඉල්ලා අස්වන්නට බලකෙරෙන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අත්සනින් භාරදීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා විසින් කෙටුම්පත් කොට ඇති අතර එයට සහය දෙන බව එක්සත් ජාතික පක්ෂය ද ප්‍රකාශ කොට ඇත. ජානාධිපතිවරයා ඉවත්කිරීමේ දෝෂාභියෝග යෝජනාවක් සම්මත කිරීමේ ක්‍රියාවලියට වසරකට වැඩි කලක් සහ…

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් මිනිස් ඝාතනයට එස්.එස්.පී ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

  රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ   සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ද, සෙසු පොලිස් කොස්තාපල්වරුන් මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේදී ද, අත්අඩංගුවට ගෙන තිබේ….

ජනාධිපති හෝ අගමැති හෝ සමග සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපි නෑ – එජාපයත් කියයි

  ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ සමග පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ද තීරණය බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡාවකට ජනාධිපතිතුමා කර තිබෙන ආරාධනය ප්‍රතික්ෂේප කරන බව ද ඒ මහතා කියයි.  

ජනාධිපතිගේ සාකච්ඡාවට අගමැති එනවා නම් අපි නැහැ – පක්ෂ 11 දන්වා යවයි

  සර්ව පාක්ෂික අන්තර් වාර පාලනයක් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා හෙට දිනයේ කැඳවා ඇති සාකච්ඡාවට අගමැතිතුමා හෝ කැබිනට් මණ්ඩලය හෝ සහභාගී වන්නේ නම් එයට සහභාගීවීමට තමන්ට නොහැකි බවත්, තම පක්ෂ සඳහා වෙන ම සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් , ජානධිපතිතුමා වෙත දන්වා යැවීමට ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 කණ්ඩායම අද තීරණය කළේය. ඒ අනුව තම කණ්ඩායම සහභාගී…

ගොඩයන්න කළ යුතු දේ බොහොමයි ; ඊළඟ මාස කිහිපය තවත් අමුරු වෙයි – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

  ලිහා දමන්නට හෝ කපා දමන්නට අමාරු ගැටවලට ලංකා ආර්ථිකය මුහුණ දී සිටින්නේ යැයි ද මෙහි අන්තිම ප්‍රතිඵලය ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පැවසීය. රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග කිසිවකින් ඉදිරි මාස කිහිපයේ දී ප්‍රතිඵල…

ඉල්ලුමට ගෑස් දෙන්න බැහැ – ලිට්‍රෝ සමාගම කියයි

    රටේ ඉල්ලුමට අනුව ගෑස් සැපයිය නොහැකි බව ලිට්රෝ ගෑස් සමාගම තීරණය කොට ඇති බවත්, මින් ඉදිරියට ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට ක්‍රියා කරන බවත්, වාර්තා වෙයි. මසකට අවශ්‍ය ගෑස් ප්‍රමාණය සැපයීම සඳහා ඩොලර් සපයා  ගැනීමට නොහැකි නිසා මෙම පියවර ගත බව සමාගමේ ආරංචි මාර්ග කියයි.