ජනාධිපතිගේ ආණ්ඩු පක්ෂ රැස්වීම ගෝරි ගොඩක් වී තීරණයක් නැතිව අවසන්

අන්තර් වාර පාලනයක් පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති මැදුරේ අද කැඳවා තිබු රැස්වීම ගෝරි ගොඩක් මැද තීරණයක් නැතිව අවසන් වී ඇති වාර්තා වෙයි.
මෙහිදී ආණ්ඩුව ඉවත් වී අන්තර් පාලනයකට යා යුතු බව පිරිසක් ප්‍රකශ කරද්දී අගමැති මහින්දට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති බව තවත් පිරිසක් චෝදනා කොට තිබේ.
ඩලස් අලහප්පෙරුම මහතාට එල්ල වූ කුමන්ත්‍රණ චෝදනා ඒ මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇති අතර අගමැතිතුමා ඉවත් කිරීමට හදන බවට ජනාධිපතිවරයාට එල්ල වූ චෝදනා ද එතුමා ප්‍රතික්ෂේප කොට ඇත.
තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇති අතර බහුතරය පෙන්වන ඕනෑම කෙනෙකුට අගමැති තනතුර දීමට තමන්ට සිදුවන බව ජනාධිපති පවසා තිබේ.
අන්තර් වාර පාලනයක් හෝ ආණ්ඩුවේ වෙනත් සැලසුම් හෝ ගැන කිසිදු තීරණයකින් තොරව සාකච්ඡාව අවසන් වූ බව වාර්තා වෙයි.
බොහෝ දෙනා කතා කළ ද කිසිවක් පැහැදිලි නොවන තරමට ගාලගෝට්ටි ඇති වූ බව ද කියති.
