රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් මිනිස් ඝාතනයට එස්.එස්.පී ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ද, සෙසු පොලිස් කොස්තාපල්වරුන් මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේදී ද, අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඇත අඩංගුවට ගැනීම් සිදුකොට ඇත්තේ ආදාළ සිද්ධිය මිනීමැරීමක් බවට තීරණය කොට සක කරුවන් ඇත අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දුන් අධිකරණ තීන්දුවක් ක්‍රියාවට නගමිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඇත අඩංගුවට ගැනීම් සිදුකොට තිබේ.
