ජනාධිපතිගේ සාකච්ඡාවට අගමැති එනවා නම් අපි නැහැ – පක්ෂ 11 දන්වා යවයි

 

සර්ව පාක්ෂික අන්තර් වාර පාලනයක් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා හෙට දිනයේ කැඳවා ඇති සාකච්ඡාවට අගමැතිතුමා හෝ කැබිනට් මණ්ඩලය හෝ සහභාගී වන්නේ නම් එයට සහභාගීවීමට තමන්ට නොහැකි බවත්, තම පක්ෂ සඳහා වෙන ම සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් , ජානධිපතිතුමා වෙත දන්වා යැවීමට ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 කණ්ඩායම අද තීරණය කළේය.

ඒ අනුව තම කණ්ඩායම සහභාගී වන්නේ අගමැතිතුමා හෝ ඇමති මණ්ඩලයේ කිසිවකු හෝ නොමැතිව ජනාධිපතිතුමා පමණක් සමග සාකච්ඡාවකට බවත් , ඒ සඳහා තමන්ට වෙන ම වෙලාවක් ලබාදෙන ලෙසත්, මෙම පක්ෂ ඉල්ලීමක් කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගේ නිවසේ අද සවස පැවති සාකච්ඡාවක තීරණ අනුව මෙම ඉල්ලීම සිදුකොට තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථාවක ප්‍රකාශ කොට තිබුණේ තමන් ඉල්ලා අස් නොවන බව සහ අන්තර් වාර පාලනයක දී ද අගමැති වන්නේ තමා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *