|

තජුඩීන් ඝාතනයේ සාක්ෂි හිටපු පොලිස්පති වසන් කරලා!

පසුගිය අප්‍රේල් මස 11 වනදා පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ද, රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කර ඇති බවට තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. 2012 මැයි මස 17 වන දින සිදුවූ තජුඩීන් ඝාතනය සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා, එවක…

අනුර සේනානායක වැමාරුවත් අනුකම්පාව නොලැබෙන හැඩ

තාජුදීන් ඝාතනය ගැනත් හිටපු පාලකයන්ගේ නියෝග ඉටු කිරීමට ඔහු කර වෙනත් අපරාධ ගැනත් තොරතුරු හෙළි කිරීමට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඉදිරිපත් වුවද ඔහුට අනුකම්පා කිරීමට හෝ ඔහුව රජයේ සක්ෂිකරුවකු කිරීමට හෝ තීරණය නොකරනු ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි . ඔහු සම්බන්ධ බව කියන තවත් අපරාධ රාශියක් තිබීම එයට හේතුව බව කියති ….

දුම්රිය විදුලියෙන් දුවන සැලසුමටත් චීනා පනින්න හදයි

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය විදුලිමය කිරීමේ සැලසුමක් ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ආරම්භ වී තිබියදී එයට විකල්ප යෝජනාවක් චීනය විසින් ඉදිරිපත් කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . චීනය ඉදිරිපත්ව සිටින්නේ ඔවුන්ගේ ණය ලබාදෙමින් ඔවුන්ගේ සැලසුම් අනුව එරට සමාගම් මගින් කඩිනමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව කියමිනි . ඒ සදහා අවශ්‍ය තරම් වියදම් කිරීමටද චීන…

යුරෝපා සංගමයේ ජී එස් පී සහනය මාස හයකින් !

යුරෝපා සංගමය අපරටට ලබා දී තිබී ඉවත් කරගත් ජී එස් පී ප්ලස් සහන යලි ලබාගැනීමට තව මස හයක් අටක් අතර කාලයකින් හැකිවනු ඇති බව ත් එයට තිබු බාදක ඉවත් වී ඇති බවත් තතු දත් ආරංචි මාර්ග වලින් යුක්තියට දැනගන්නට ඇත . යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනම ඉවත්වීම එයට තිබු ප්‍රධාන බාධකයක් ඉවත්වීමක් බව අපගේ ආරංචිමාර්ග…

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකත් වමාරන්න සුදානමින් !

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය වසන් කිරීම ගැන චෝදනා එල්ල වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙම සිදුවීමේදී තමන්ට එල්ල වූ බලපෑම් ගැන හෙළිදරවු කිරීමට සුදානමින් සිටින බව වාර්තා වෙයි . ඒ සදහා නීති උපදෙස් ලබාගැනීමටද ඒ මහතා ක්‍රියා කොට ඇති කියති . සිදුවීම් සම්පුර්ණයෙන් හෙළිදරවු කර සහනයක් ලබාගැනීම හැර වෙනත් විකල්පයක් නැති…

ජාතිවාදයට මුහුණ දීමට වමේ සහ වෘත්තීය සමිතිවල ඒකාබද්ද මැයි රෑළියක් !

රාජපක්ෂ රෙජීමය පලවා හැර නව ආණ්ඩුවක් පත්කිරීමට ක්‍රියාශීලී වැඩ කොටසක් කළ හා ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමර්ග සම්බන්ධයෙන් විවේචනාත්මක සහයෝගයක් දක්වන ප්‍රජාතන්ත්‍රවාදි බලවේග හා වෘත්තිය සමිති එක් වී ඒකාබද්ධ මැයි රැළියක් පැවැත්විම තීරණය කර ඇති බව දැනගන්නට ඇත. සමන් රත්නප්‍රිය මහතා නායකත්වය දරණ වෘත්තිය සමිත් එකමුතුව, ජාධිපතිවරණයේ දි පොදු අපේක්ෂකයාට සහාය දැක්වූ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂවල බහුතර…

ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියට වාසුදේව නෑ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක බෙදීමක් ඇතිවේ යැයි සිතිය හැකි මෙවර මැයි දිනයේ දී මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට එම පාර්ශ්වය නියෝජනය කරන ප්‍රධාන නායකයෙකු වූ වාසුදේව නානායක්කාර මහතා සහභාගි නොවන බව සමීප ආරංචි මාර්ග වලින් යුක්තියට දැනගන්නට ලැබී ඇත. මැයි දිනයට පෙර වාසුදේව නානායක්කාර මහතා එංගලන්තය බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටින…

මත්තල ,හම්බන්තොට වෙන කට්ටියකට දෙන්නයි ඉන්දියාව ඉල්ලයි !

අදායම් නොලබන ව්‍යාපෘති බවට පත්ව ඇති මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය චීනයට නොදී ස්වාධීන තෙවන පර්සවයකට දීමේ හැකියාව සොයා බලන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමට ඉන්දීය රජය බලාපොරොත්තු වන බව ඉන්දියාවේ ඉන්දියන් එෂ්ප්රස් පුවත්පත වාර්තා කොට ඇත . මෙමව්‍යපෘති මගින් අදායම් නොලැබෙන නිසා ඒවායේ කොටස් පැවරීමේ යෝජනාවට ඉන්දියාව විරුද්ධ නැතත් ඒවායේ පාලනය ශ්‍රී…

තජුඩීන් ඝාතනයේ සාක්කි වසන් කළා යැයි අත් අඩංගුවට ගත් අයිපී චම්පික පෙරේරා වමාරයි..! නීති විරෝධී නියෝග දුන් අනුර සේනානායක හෙලිකරයි:

තජුඩීන් ඝාතනය සිදුවූ අවස්ථාවේදී ඝාතනයට අදාල සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අද (20) සවස අත් අඩංගුවට ගත් එවක නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා මහතා රහස් පොලිසිය ඉදිරියේ දීර්ඝ පාපෝච්චාරණයක් කරමින් තජුඩීන් ඝාතනය ගැන තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා…

රනිල්ගේ යෝජනාවෙන් චීන්නුත් ඇඹරෙති !

මත්තල ගුවන් තොටුපළ , හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති සදහා චීනය ලබා දී ඇති ණය වෙනුවට එම ව්‍යාපෘති වල කොටස් හිමිකම ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව සලක බැලීමට චීන රජය නිල වශයෙන් එකඟ වුවද එය දැන් ඔවුන්ට බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . ඔවුන් කියන ආකාරයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීන…

යුරෝපා මත්ස්‍ය තහනම ජුනි මාසයෙන් ඉවරයි !

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය ආනයන සදහා යුරෝපා සංගමය පනවා තිබු තහනම මෙම ජුනි මාසය වනවිට ඉවත්කරගත හැකිවනු ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . ඒ සම්බන්ධයෙන් පසුගිය 6 දා බ්‍රසල්ස් නුවර පවතී සාකච්චා සාර්ථක වූ බව එම ආරංචි මාර්ග කියයි . මෙම තහනම ඉවත්වීමත් සමග යුරෝපයට කරන මත්ස්‍ය අපනයන කටයුතු යලි ආරම්භ කිරීමට හැකිවනු ඇත…

පොලිස්පති ධුරය පුජිත ජයසුන්දරට !

නව පොලිස්පති  ලෙස ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ නම නිර්දේශ කිරීමට ව්‍යවස්ථා සභාව තීරණය කොට ඇත . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනා කොට තිබු නම් තුන අතරින් ජයසුන්දර මහතා තෝරාගෙන ඇත්තේ චන්ද විමසීමක් මගිනි . ඔහුට චන්ද පහක් හිමිවෙද්දී ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එස් එම වික්‍රමසිංහ මහතාට එක චන්දයක් හිමිවූ බව වාර්තා වෙයි .