මත්තල ,හම්බන්තොට වෙන කට්ටියකට දෙන්නයි ඉන්දියාව ඉල්ලයි !

අදායම් නොලබන ව්‍යාපෘති බවට පත්ව ඇති මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය චීනයට නොදී ස්වාධීන තෙවන පර්සවයකට දීමේ හැකියාව සොයා බලන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමට ඉන්දීය රජය බලාපොරොත්තු වන බව ඉන්දියාවේ ඉන්දියන් එෂ්ප්රස් පුවත්පත වාර්තා කොට ඇත . මෙමව්‍යපෘති මගින් අදායම් නොලැබෙන නිසා ඒවායේ කොටස් පැවරීමේ යෝජනාවට ඉන්දියාව විරුද්ධ නැතත් ඒවායේ පාලනය ශ්‍රී ලංකා රජය සතු වියයුතු බව ද ඉන්දියාවේ ස්ථාවරය වී ඇත .

මැයි හෝ ජුනි මාසයේ ඉන්දියාවේ සංචාරයක නිරතවන මලික් සමරවික්‍රම ඇමතිවරයා සමග මේ පිලිබදව සාකච්චා කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *