ආණ්ඩුව කරන හොඳ වැඩවත් මාර්කට් කරගන්න දන්නේ නෑ- සමන් රත්නප්‍රිය (2 වැනි කොටස)

රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙන බව කවුරුත් දන්නා අතරම ඒකෙන් ගොඩඑන්නට නම් ආණ්ඩුවට ඒ සඳහා සැළැළැස්මක් තිබිය යුතු ය. ඒ වගේම අර්බුදය හමුවේ සකසුරුවම් කමක් ඇති ව එයට මුහුණ දියයුතුව තිබේ. හැබැයි අපි දන්නවා දුමින්ද දිසානායක ඇමතිවරයා ට නොවටිනා ගනයේ ගොඩනැගිල්ලක් නොවටිනා මිලකට ගැනිමට උත්සාහ දැරූ බව. ඒ ගැන සමාජය ප්‍රශ්න කළ නමුත් කැබිනට් එක ඒක අනුමත කර තිබේ. කැබිනට් එක ඒක අනුමත කරනවා කියන්නේ ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා ද ඇතුළුව සමස්ත අමාත්‍ය මණ්ඩලයම එයට වගකිව යුතු ය කියන එක ය. ඒක ප්‍රශ්න කරන විට කියා තිබුණේ තක්සේරු මුදලට වඩා කුලී පදනමට ගොඩනැගිල්ලක් ගන්නට හැකියාවක් තියෙනවා ඒක අමාත්‍ය මණ්ඩලය අනුමතකරනවා නම් යන්න ය. ඒක නීතිය අනුව නිවැරදි ය. නමුත් මේ ගොල්ලන් දුන් පොරෙන්දු අනුව සදාචාරමය ප්‍රශ්නයක් මෙතන ඇත. අනික් එක මේ මුදල් යන්නේ කාට ද යන්න ද ප්‍රශ්නයකි. මේ වගේ ගණුදෙනු හැම එකකම අදාළ පුද්ගලයාට වාසියක් වෙනවා වගේම වැඬේට සම්බන්ධ විශාල පිරිසක් ගානක් බෙදාගන්නා බව ඉතා පැහැදිළි ය. අනික් එක වරාය වගේ තැනක් ගත්තාම, තමන්ගේ සහෝදරවරුන්ට තනතුරු ප්‍රදානයකර තිබේ. ඒ අයට ඒවා දරාගන්නට නොහැක. ඒ අය ඒ තනතුරුවලට සුදුසු නැත. නොසුදුසුකම නිසාම ඔවුන්ගත් වැරදි තීරණයක් වූ කම්කරුවන්ගේ බෝනස් කැපිම තුළ පසුගිය සතියේ වැඩ වර්ජනයක් සිදුවිය.
ගිය වසරේ දුන් බෝනස් එකෙන් රුපියල් 8000ක් මේ වසරේ කැපුවේ ය. ඒක ගැන සාකච්ඡා කළවිට එයින් ප්‍රශ්නය විසඳුනේ නැත. අනික් එක සාකච්ඡාවලට බලධාරින් වාඩිවෙන්නේ ද නැත. ඒකට විරුද්ධව කම්කරුවෝ විවිධ ක්‍රියාමාර්ග ගත්හ. මෙයින් වරායට වූ පාඩුව රුපියල් කෝටි 800කි. පසුව ඇමතිවරයා කරන්නේ නැති වැඩය අගමැතිවරයා මැදිහත් වී ප්‍රශ්නය විසඳන තැනට ගමන් කලේ ය. ප්‍රශ්ණය විසඳන එක යහපත් නමුත් මේ ඇමතිවරයා ඉන්නේ කුමකට ද? ඒ ඇමතිවරයා සහ ඔහුගේ සහෝදරයින් නිසා කෝටි 800ක් පාඩුවී ඇත. මේ පාඩුව වෙන්නේ වරායට නොව රටට ය. එතකොට ඒක ඇමතිවරයාගෙන් සහ ඔහුගේ සහෝදරයින්ගෙන් අය කරගන්නට කටයුතු කරන්නේ ද? ඒ නිසා ඉතා පැහැදිළිව කියන්නට පුළුවන් මෙතන වැරදි කළමණාකරනයක් තිබෙන බව. ඊ ළග ප්‍රශ්නය වන්නේ මේ වගේ ඇමතිවරුන්ට එරෙහිව ආණ්ඩුව ගන්නා තීරණය කුමක් ද යන්න ය. හැම වෙලාවේම මෙහෙම කරන්නට ඔවුන්ට ඉඩදෙනවා ද යන්න අපේ ප්‍රශ්නය වේ. අමු අමුවේ හොරකම් කරනවා වගේම මේකත් බරපතල නාස්තියකි. අනික් එක එතන දූෂණයක් ද ඇත. මක් නිසා ද යත් පරිපාලන බලය වැරදිවට යොදා ගැණිම ම දූෂණයකි.
අනික් පැත්තෙන් ආණ්ඩුවේ දේශපාලන තීන්දු පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ඇත. ඒ එක්කම ආණ්ඩුව සමහර ඇමතිවරුන්ට චෝදනා එල්ලවන විට අයින් කළේ ය. උදාහරණයකට ගතහොත් තිලක් මාරපන ගතහැක. විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට චෝදනා එල්ලවූවත් ඔහු තවම තියාගන ඉන්නේ මොන පදනමෙන් ද? අපි දන්නා ආකාරයට ඔහු පිළිබඳව හෙළදරව් වූ කාරණා බරපතල ය. නීතිපති දෙපාර්තකමේන්තුවේ සිටිය වැඩබලන නීතිපතිවරයා ඉවත්කර දක්ෂ අයෙකු එතනට පත්කර තිබේ. ඒකට සිවිල් සමාජයද බරපතල ලෙස මැදිහත් විය. හැබැයි තියෙන ආරංචි අනුව වැඩබැලූ නීතිපතිවරයා යම් කණ්ඩායමක් එක්ක පරණ රෙජීමයේ හිතවතුන් සහ සමහර ඇමතිවරුන් සමග ඩීල් දමමින් දැනට ක්‍රියාවට නැගිය යුතු ලිපිගොනු වසා දමන්නට හා එයට බලපෑම් කරන්නට හා හොරකම් කළ අය බේරාගන්නට බරපතල මැදිහත්වීමක් කරන බව අපිට අසන්නට ලැබේ.
එවැනි කාරණා හා සම්බන්ධව ආණ්ඩුවකට ක්‍රියාමාර්ග තිබිය යුතු ය. මේවා තීරණාත්මක තැන් ය. එහෙම තැන්වලට කවුරු පත්කළත් ඒ අයට වැඩකරන්නට හැකි වටපිටාවක් හදන්නේ නැති නම් ඒ ආයතන දුවන්නේ නැත. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව කියලා කියන්නේ මේ රටේ මේ මොහොතේ ස්වාධීන්ව, ඉතාම කඩිසරව ක්‍රියාත්මක වියයුතු ආයතනයකි. පොලිසිය ගත්තත් මෙසේ ය. මෙයට අමතරව අධිකරණයත් මෙයට ඇතුලත් කළ හැක. මිනිස්සුන්ට දුන් පොරොන්දුව ඉටුකරන්නට නම් මේ ආයතන මධ්‍යස්ථව කඩිසරව වැඩකළ යුතු වේ. ඒ කාරණා පිළිබඳව ආණ්ඩුවට තියෙන දේශපාලන මූලෝපාය කුමක් ද? මේ පිළිබඳ අපිට ප්‍රශ්න තිබේ. සමහර පත්කිරීම් ගැන අපිට ප්‍රශ්න ඇත. තානාපති සේවාවල ද ප්‍රශ්න තිබේ. අනික් අතට අමාත්‍ය මණ්ඩල පැටව් ගැසිම ද ප්‍රශ්නයකි. ඒක ගැන ඇසූවිට කියන්නේ 95 දක්වා පත්කරන්නට පාර්ලිමේන්තුව තින්දුවක් ගෙන ඇති බව ය. ඒ අනුව දැන් 93යි පත්කර තිබෙන්නේ. තව දෙන්නෙක් පත්කරන්නට පුළුවන් වැනි කථා දැන් කියති. ඒ අනුව තවත් 3ක් පත්කර ගැනීමටයි සැරසෙන්නේ. පත්කර ගන්නට පුලුවන් වගේම එහෙම නීති ද හදාගත හැක. හැබැයි මේක රටට ඔරොත්තු දෙනවා ද? රටට ගැලපෙන්නේ ද? ලංකාව වැනි මිලියන 20ක් සිටින රටකට. ඒ පැත්තෙන්ද බරපතල දුර්වල කමක් ඇත. මේ දුර්වලකම් එන්නේ දේශපාලන රැළි විදියට ය. ඒකාබද්ධ විපක්ෂය කියන කණ්ඩායම මේ හැම දුර්වල කමක්ම පාවිච්චි කරති. දැන් ආණ්ඩුව චීනය සමග යම් සුහඳතාවයක් ගොඩනගාගෙන ණයක් ගතහොත් ඒකත් බරපතල ආකාරයට විවේචනය කරති.
ආණ්ඩුව පැත්තෙන් මේ සම්බන්ධයෙන් ඇත්තේ බරපතල දුර්වල කමකි. තමන් කරන හොඳ දේවල් රට හමුවේ මාර්කට් කරගැනීමට බැරිවීම ඒ දුර්වලකම ය. 1976 පසුව තමයි නීතියක් ගෙනල්ලා පෞද්ගලික අංශයට වැටුප් වැඩිකළේ 2016 දී. මෙහිදි රුපියල් 2500කින් පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුපු වැඩි කළේ ය. මේක ආණ්ඩුවට මා ර්කට් කරගන්නට නොහැකි විය. රජයේ සේවකයින්ට රුපියල් 10, 000ක් වැටුප් වැඩි කළේ ය. ඒක මදි. ආණ්ඩුව මේක ද කළේ කියන අදහස තමයි රටේ තිබෙන්නේ. ඒක ඉතා අපරාධයකි. හැබැයි අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීමනාව වැඩිකරන්නට යෝජනාවක් ගෙනාවේ ය. එය සම්මත වූයේ නැත. අපිත් විරුද්ධ උනා. ඇතුලෙන්ම ඒක ඉවත් කරගත්තේ ය. යෝජනාව සම්බන්ධව ප්‍රධාන පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨය යන තත්ත්වයකට පත්විය. අර වැටුප් වැඩිකළ වෙලාවේ එක පත්තරයකවත් එය ප්‍රධාන ශීර්ෂපාඨයක් බවට පත්වූයේ නැත. නමුත් පෙර කී යෝජනාව ඉරිදා පත්තර වල ශීර්ෂ පාඨ බවට පත්විය. ඒකෙන් පෙනෙන්නේ මාධ්‍යය හරහා තමන් කරන දේ රට හමුවේ හරියට තබාගන්න, ජනතාවට ඒත්තු ගන්නන්නට බැරි දුර්වලකමක් ආණ්ඩුවට තිබෙන බව ය. ඒක බරපතල ප්‍රශ්නයකි.
ඊ ළගට අම්මා කෙනෙක් දරුවෙකු වදනවා සේ බොහොම අමාරුවෙන් මේ තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවේ. ඒකට විරුද්ධව නඩු දැම්මා සමහර අය. අපි තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් පෙනී සිටියෙමු. අද වෙන විට මේක ඉදිරියට තල්ලුවෙමින් ඇත. මේක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතු ය. අඩුපාඩු තියෙන්නට පුළුවන් නමුත් මේ පනත ගෙන ඒම ආණ්ඩුව කළ හොඳ දෙයකි. ජාත්‍යාන්තර විශ්ලේෂණ අනුව ලෝකයේ 7වැනි තැනට තියෙන හොඳම පනතක් මේක. මේක පෞද්ගලික මන්ත්‍රි යෝජනායක් හැටියට 4වරක් ගෙනාවේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ මේ ගැන කථා කරන්නටවත් දුනනේ නැත. ඒ අය කළ හොරකම්. මැරකම් හා ජඩකම් ඒ මගින් එළිවෙන නිසා ඒක වැළැක්වී ය. ඒ නිසා එයා ඒකට කැමතිවූයේ නැත. මේ පනත ගෙනා දවසට පහුවෙනිදා පුවත්පත් වල ගියේ මේක තිබෙන තත්ත්වයටත් වඩා නරක දෙයක් ලෙසට ය. ඒකේ තියෙන දුර්වලකම තමයි තමන් කරන දේ රට හමුවේ ස්ථාවර කරගන්නට ආණ්ඩුවට තිබෙන නොහැකියාව. ඒ නොහැකියාවන්ගේ පැත්ත වැඩිවන විට, කරන දේ හරියට කියාගන්නට බැරිවන විට ඒක ප්‍රශ්නයක් නොවන්නේ ද? අනික් අතට හයිඞ් පාක් රැස්වීමේදි මහින්ද රාජපක්ෂ, මම ණය මෙපමනක් ගත්ත බවත්, එය සංවර්ධනයට යෙදවූ බවත් ක්ිවේ ය. එපමණක් නොව ඒ ණය ගෙන කළ දේවල් පෙනෙන්නට තිබෙන බව ද කීවේ ය. තව ද රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන මෙපමණ ණය අරගෙන තිබෙන අතර, ඒකෙන් කර ඇතිදේ කුමක් ද යන්න ඔහු ප්‍රශ්න කළේ ය.
හරියට නම් මහින්ද රාජපක්ෂ ගත් ණය එකිනෙක් කියවා, ඒ ණය අරගෙන කොපමණ හොරකම් කළා ද කියන එක ගැන ආණ්ඩුවට කියන්නට පුළුවන් වියයුතු ය. නමුත් ආණ්ඩුව එහෙම එකක් කිවේ නැත. මේ වැනි ප්‍රශ්න තිබෙන විට හැකියාව නොහැකියාව බවට පත් වී ඇති බව කියන්නට සිදු වේ. මේ වැරදි අඩුපාඩු එන්නේ ආණ්ඩුව බලයට පත්කිරීමට උත්සාහ ගත්ත කණ්ඩායම් මත ය. මැති ඇමතිවරු බොහෝ වෙලාවට මේ රටේ මිනිසුන් එක්ක ගැවසෙන්නේ නැත. ඔවූහු උත්සවයකට ගොස් කථාවක් කර එති. කථාවට මිනිස්සු හොඳ කියන්නත් පුළුවන්, බැන බැන එන්නත් පුළුවන. නැවත මුනගැසීමක් නැත. නමුත් සිවිල් සමාජය හා වෘත්තිය සමිත් ව්‍යාපාරය රාජපක්ෂ ඉවත්කරන්නට හා ආණ්ඩුව පෙරලන්නට ගත් උක්සාහය කවුරුත් දනිති. රටේ මිනිසුන් ප්‍රශ්න කරන්නේ ඒ අයගෙනි. ආණ්ඩුවේ තියෙන දුර්වලකම් වෘත්තිය සමිති ව්‍යාපාරය හා සිවිල් සමාජ ව්‍යාපාරය මත පැටවෙන ස්වභාවයක් තමයි දැණට තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ ආණ්ඩුව දුර්වලයි කියලා. වසර 4 1/2 යන තුරු මේ ආණ්ඩුව විසුරුවන්නට නොහැක. මහින්ද රාජපක්ෂ හිතනවා නම් මිනිසුන් ටිකක් අල්ලාගෙන තැන්තැන් වල රැස්වීම් තියලා දේශපාලන බලය ගන්නට පුළුවන් කියලා, ඒක හීන්යකි. මහින්දට නැවත් දේශපාලන ගමනක් නැති බවයි අපේ මැණිම. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග එයාට විධායක බලය කොහොමත් ගන්නට නොහැක. නමුත් රටේ දැණුවත්කමක් නැති ජනතාව අල්ලාගෙන ජාතිවාදය අවුස්සමින්, ආගම්වාදය අවුස්සමින් ජාතිවාදි කොටස් හරහා මේ කරන අවුලට උත්තරයක් ආණ්ඩුව හරියට නොදීම නිසා රටේ ආරවුල් තව දුරටත් වැඩිවෙමින් ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *