දුම්රිය විදුලියෙන් දුවන සැලසුමටත් චීනා පනින්න හදයි

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය විදුලිමය කිරීමේ සැලසුමක් ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ආරම්භ වී තිබියදී එයට විකල්ප යෝජනාවක් චීනය විසින් ඉදිරිපත් කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . චීනය ඉදිරිපත්ව සිටින්නේ ඔවුන්ගේ ණය ලබාදෙමින් ඔවුන්ගේ සැලසුම් අනුව එරට සමාගම් මගින් කඩිනමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව කියමිනි . ඒ සදහා අවශ්‍ය තරම් වියදම් කිරීමටද චීන සමාගම් සුදානමින් සිටින බවද කියති .

මෙම යෝජනවා ක්‍රියාත්මක කළහොත් නොරච්චෝලේ විදුලි බලාගාරය  , මත්තල ගුවන්තොට , හම්බන්තොට වරාය වැනි තවත් ලෙඩදෙන ව්‍යාපෘතියක් මෙරටට ලැබෙනු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .

මේ අතර ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය ව්‍යාපෘතියට ජාත්‍යන්තර උපදේශක සමාගමක් තෝරාගැනීම සදහා කදවු ඉල්ලුම්පත් ඇගයීමේ කටයුතු ආසියානු සංවර්ධන බැංකුව මේ වනවිට සිදුකරමින් සිටින බවත් තොර ගන්න විශේසඥයන් සමග බැංකුවේ නියෝජිත පිරිසක් ඉදිරි සති කිහිපයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් අපගේ ආරංචි මාර්ග කියයි . එසේ වුවද ප්‍රවාහන අමාත්‍යංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය සම්බන්දයෙන් දක්වන්නේ ඇල්මැරුණු උනන්දුවක් බව අපගේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *