යුරෝපා සංගමයේ ජී එස් පී සහනය මාස හයකින් !
යුරෝපා සංගමය අපරටට ලබා දී තිබී ඉවත් කරගත් ජී එස් පී ප්ලස් සහන යලි ලබාගැනීමට තව මස හයක් අටක් අතර කාලයකින් හැකිවනු ඇති බව ත් එයට තිබු බාදක ඉවත් වී ඇති බවත් තතු දත් ආරංචි මාර්ග වලින් යුක්තියට දැනගන්නට ඇත . යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනම ඉවත්වීම එයට තිබු ප්‍රධාන බාධකයක් ඉවත්වීමක් බව අපගේ ආරංචිමාර්ග කියයි .
ජී එස් පී ප්ලස් සහනය සදහා ශ්‍රී ලංකාවේ නිල අයදුම්පත මෙතෙක් ඉදිරිපත් කොට නැති අතර එයට ප්‍රධාන හේතුව වී තිබු නේ අපගේ මත්ස්‍ය නිෂ්පාදන සදහා යුරෝපය පනවා තිබු තහනමයි . එම තහනම තිබියදී ජී එස් පී ඉල්ලීමේ හැකියාවක් නොතිබූ බව අපගේ ආරංචි මාර්ග කියයි .දැන් එම බාධකය ඉවත් වී ඇත .
මෙම තත්වය යටතේ ජී එස් පී ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම ඉදිරි සති කිහිපයේදී සිදුවනු ඇති බවත් , ඒ පිළිබද තීරණ ගැනීමේ ක්‍රියා වලියට මස හයත් අටත් අතර කාලයක් ගතවනු ඇති බවත් අපගේ ආරංචි මාර්ග කියයි .
පසුගිය රජයේ පාලනය යටතේ අපරටට ජී එස් පී සහනය අහිමි වීමත් , මත්ස්‍ය අපනයන තහනමක් පැනවීමත් නිසා විදේශ විනිමය ඉපයීම් බරපතල ලෙස පිරිහී ගියේය . රුපියල අවප්‍රමාණ වීමට ද හේතුවුයේ එම තත්වයයි . මෙම සහන ලබාගැනීමෙන් පසු රටේ ආර්ථිකය යහපත් වනු ඇති බව විශ්වාස කෙරෙයි .
