හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකත් වමාරන්න සුදානමින් !

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය වසන් කිරීම ගැන චෝදනා එල්ල වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙම සිදුවීමේදී තමන්ට එල්ල වූ බලපෑම් ගැන හෙළිදරවු කිරීමට සුදානමින් සිටින බව වාර්තා වෙයි . ඒ සදහා නීති උපදෙස් ලබාගැනීමටද ඒ මහතා ක්‍රියා කොට ඇති කියති . සිදුවීම් සම්පුර්ණයෙන් හෙළිදරවු කර සහනයක් ලබාගැනීම හැර වෙනත් විකල්පයක් නැති බවට ඔහුට නීති උපදෙස් ලැබී ඇති බව දැනගන්නට තිබේ .

තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හතර දෙනකු ඇතුළු දහසය දෙනකු අත් අඩංගුවට ගැනීමට සිදුවනු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . නාමල් රාජපක්ෂ මහතාත් අනුර සේනානායක මහතාත් ඒ අතර මුලින්ම සිටින බව මේ වනවිටත් හෙළිදරවු වී ඇත .

අලුතින් පත්වූ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ මෙම සිදුවීම ගැන පියයරින් පියවර පරික්ෂණ කොට අපරාධකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරණ බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *