රනිල්ගේ යෝජනාවෙන් චීන්නුත් ඇඹරෙති !
මත්තල ගුවන් තොටුපළ , හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති සදහා චීනය ලබා දී ඇති ණය වෙනුවට එම ව්‍යාපෘති වල කොටස් හිමිකම ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව සලක බැලීමට චීන රජය නිල වශයෙන් එකඟ වුවද එය දැන් ඔවුන්ට බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . ඔවුන් කියන ආකාරයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයට කියා ඇත්තේ මෙම ණය ගෙවීමට තම රටට හැකියාවක් නැති බවයි . එම මුදල් ගෙවීමට නම් මෙම ව්‍යාපෘති අදායම් ලබන තත්ත්වයට පත්කළ යුතු බව හා එහි වගකීමක් චීනයටද හිමිවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය තාන්ත්‍රික ලෙස චීන රජයට කි කතාවයි .
මෙහිඋදී චීන රජයට කර කියාගත හැකි කිසිවක් නැති තැනට වැටි ඇත්තේ ඔවුන්ද වරදක් සිදුකොට ඇති නිසාය . එමං මෙම ව්‍යාපෘති සදහා ණය දීමේ දී ඒවායේ සක්‍යතා අධ්‍යයනයකින් තොරව ඒවා අනුමත කිරීමයි . ඕනෑම ණයදෙන ආයතනයක් ව්‍යාපෘති ණය අනුමත කල යුත්තේ ඒවායේ සක්‍යතාව අධ්‍යයනය කිරීමෙන් පසුවය . එසේ නොකළ නිසා චීන රජයද කර ඇත්තේ වරදකි . අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවට විරුද්ධ වීමට චීනයට නොහැකි වී ඇත්තේ ඒ නිසාය .
අගමැතිවරයාගේ යෝජනාවට නිල වශයෙන් චීන රජය එකඟ වුවද එරට ප්‍රධාන ආර්ථික විද්‍යාඥයකු බී මින් මහතා චයිනා ග්ලෝබල් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කොට ඇත්තේ ලාභ ලබාගැනීම ගැන විශ්වාසයක් නොමැතිව ස්ථිර අදායමක් නොමැතිව මෙම ව්‍යපෘති ක්‍රියාත්මක කල නොහැකි බවයි .
මෙම තත්වය යටතේ තමන් ආයෝජනය කරන්නේ නම් ඒ සදහා ආරක්ෂාව සහතික කරන ලෙසත් චීන සමාගම් සමග වෙන වෙනම සාකච්චා කරන ලෙසත් චීන රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
