වැට් බද්දට අපි විරුද්ධයි – සමන් රත්නප්‍රිය (1වෙනි කොටස)
ආණ්ඩුව අය වැයෙන් පසුව බදු සංශෝධනයක් ගෙනාවා. මේ බදු සංශෝධනය හරහා වැට් බද්ද සංශෝධනය කරන්නත්, ජාත්ිය ගොඩනැගීමේ බද්ද සංශෝධනය කරන්නත්, ඊළගට ප්‍රාග්ධන බද්දක් අලුතෙන් හඳුන්වාදීමටත් තීරණය කළේ ය. ඒ ගැන බැලූවිට අපිට තේරුනා වැට් බද්ද වැඩිකළාම අනිවාර්යයෙන්ම භාණ්ඩ හා සේවාවන්වල මිල ඉහළ යන බව. ඒක තරමක් බරපතල ප්‍රශ්නයක් වන නමුත් අපි ප්‍රාග්ධන බද්දට එකගවිය. ප්‍රාග්ධන බද්ද යනු, සමාන්‍ය වචනවලින් කියන්නේ නම් ඇතිහැකි අයගෙන අරගෙන, රටේ සංවර්ධනයට නැතිනම් සමාජයේ පහළ කොටස්වල සුභසාධනය වෙනුවෙන් යොදවන එක ය. කලින් වැට් බද්ද තිබුණේ 11%කි. නමුත් ආණ්ඩුව මේක 8%කට සහ 12.5%කට වෙනස් කරන්නට තමයි මුලින්ම යෝජනා කළේ. පසුව ඒක දැන් එක අගයකට ගෙනත් 15%කට වැඩි කරන්නට තීරණයක් අරගෙන තිබේ. ඒ තීරණය දැන් මැයි දිනයට පසු ක්‍රියාත්මක කරන්නට කටයුතු කරගෙන යයි. ඒ වගේම ප්‍රාග්ධන බද්ද ක්‍රියාත්මක කරනවා ද? නැත් ද? යන්න නිශ්චිතව ප්‍රකාශයට පත්කර නැත. ඒක බරපතල කාරණයකි. සල්ලි තියෙන අයට ගහන්නට තීරණය කළ බදු නවත්වා හැම මිනිසාට ම, විශේෂයෙන්ම පොඩි මිනිසාට වදින බද්ද ගෙනෙන්නට හදනවා ද කියන කාරණය තමයි අපිට ප්රශ්නය වී තිබෙන්නේ.
අපි වැට් බද්ද වෙනස් කරනවාට විරුද්ධ ය. වැට් බද්ද වැඩිකිරිමට යෝජනා කිරීමට කලින් පෞද්ගලික අධ්‍යාපනය හා පෞද්ගලික සෞඛ්‍ය ඉවත්කර තිබුණි. දැන් මේ මොහොතේ සියළුම දේවලට මේ බද්ධ පනවා පැනවිමට සූදානමක් ඇත. ඊ ළගට ආණ්ඩුව කියනවා අත්‍යවශ්‍ය භාණ්ඩවලට මේ බද්ධ පනවන්නේ නැති බව. එසේ බදු අය නොකරන්නේ නම් ඒ භාණ්ඩ මොනවාද යන ලේඛණයක් ඒ අය ගැසට් කළ යුතු ය. තාම එවැනි දෙයක් ද සිදු වී නැත. ඒ නිසා බරපතල ප්‍රශ්නයක් මෙතන තිබේ. කෙසේ වූවත්, සියලු භාණ්ඩ හා සේවාවන් වල මිල වැට් බද්දත් සමග ඉහළ යන එක වළක්වන්නට නොහැක. ඒක රටේ සාමාන්‍ය ජනතාවට දරාගන්නට නොහැකි තත්ත්වයකි. ඔය මොබයිල් ෆෝන් වැනි දේ ගතහොත් එක්කෙනාට තුනක් හතරක් තියෙන තැනුත් තිබෙන නමුත් අහිංසක මිනිසුන් වූවත් සන්නිවේදනයට පාවිච්චි කරන්නේ මොබයිල් ෆොන් එක. ඒකටත් බදු වැඩිවෙන විට ඒ අයට ලැබෙන දෛනික වැටුපෙන්, නැත්නම් කුළිවැඩ කරන්නාට මෙන්ම අඩු වැටුප් ගන්නා රජයේ සේවකයාට ද. ධිවරයාට මෙන්ම ගොවියාට ද මේක දරාගැණිම අපහසු ය. ඒ නිසා මේ වැට් බද්ද වැඩිකරන එක අනිවාර්යයෙන්ම නොකළ යුතු ය. ඒ වෙනුවට ප්‍රාග්ධන බද්ද පැනවීම අත්‍යවශ්‍ය බවයි අපි හිතන්නේ. නමුත් ප්‍රාග්ධන බද්ද පිළිබඳව තවමත් අදහසක් ආණ්ඩුව නිශ්චිත වශයෙන් ප්‍රකාශකර නැත. මුදල් අමාත්‍යාංශයට මේ ගැන උපදෙස් ලැබී නැති බව අපි දනිමු. ඒ ප්‍රතිපත්තියට අපිට එකගවෙන්නට නොහැක.
ජනවාරි 08 පෙරළියට සහ ඒ පෙරළිය සමග යා හැකියැයි අප සිතූ ආණ්ඩු බලයක් දැන් ගොඩනගා තිබෙනවා පමණක් නොව මැතිවරණයෙන් පසු මාස 8ක් පමණ කාලයක් ඒයට දැන් ගතවී ඇත. ඒ කාලය ඇතුලත ආණ්ඩුව අය වැයක් ඉදිරිපත් කළේ ය. ඒ ගෙනා අය වැය කොතෙක් දුරට සාර්ථක ද යන ප්‍රශ්නයක් දැන් තිබේ. ඒ අය වැයේ විශාල සංශෝධන ප්‍රමාණයක් දැන් කර තිබේ. භාණ්ඩවලට මෙන්ම සේවාවන් වලට, යම් යම් වෙනත් අයකිරීම් වලට සියලුදේටම සංශෝධන ගෙනාවේ ය. එක් මන්ත්‍රිවරයෙක් කියු පරිදි එහි වෙනස් නොවූයේ ගරු කථානායකතුමනි කියන පදය පමනි. එහෙම අදහසක් ජනතාව අතරට ද පැමිණියේ ය. ඒක එතරම් හොඳ එකක් නම් නොවේ. අය වැය කියන්නේ වසරක් තිස්සේ වැඩකරලා ඉදිරියේ දි වැඩ කරන්නේ තෙකසේ ද යන දැක්මක් ඇති මූල්‍ය ප්‍රකාශයකි. ඒක ශක්තිමත් කිරීම හරියට කරන්නට බැරිනම්, ඒක විශාල වශයෙන් සංශෝධනය වෙනවා නම් ඒක එතරම් හොඳ තත්ත්වයක් නොවේ. හොඳ ආර්ථික සැළැස්මක් මේ ආණ්ඩුවට තිබෙන බව ඒතකොට පෙනෙන්නේ නැත. හැබැයි විරෝධතාවලට, ඉල්ලීම්වලට යෝජනාවලට ඇහුම්කන් දී මේක සංශෝධනය කරනවා කියා කියන්නට පුලුවන. ඒකත් ප්රජාතන්ත්රවාදයේ ගුණයක් තමයි. හැබැයි මේකෙන් ප්රකාශවෙන්නේ අදක්ෂකම මෙන්ම සැලැස්මක් නැතිකම ය.
දැන් මේ වැට් බද්ද සම්බන්ධයෙන් පැනනැගී ඇති එක කාරණයක් තමයි ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ඇති බලපෑම. ඒ අයගෙන් ණය ඉල්ලූවිට ඒ අය යම් යම් කොන්දේසි දමති. මේ වෙලාවේ ඒ අයගේ ප්‍රකාශිත කොන්දෙසිය තමයි ඒ අය කියන්නේ අපේ රාජ්‍ය ආදායම වැඩිකර ගතයුතු බවයි. අප්රකාශිත කොන්දේසි මොනවාද යන්න අපි නොදනිමු. ඒ අය කියන්නේ අපි ණය දී තිබෙනවා මෙන්ම ණය දෙන නමුත් ණය මේ ආකාරයට දීමෙන් පලක් නෑ රාජ්‍ය ආදායම වැඩිකරගන්නේ නැත්නම් කියලා. බැලූ බැල්මට ඒක සාධාරණ කොන්දේසියකි. අපේ රටේ වැරැද්දක් ඇත. ණය අරගෙන කා බී තිබේ. ණය අරන් හොරකම්කර තිබේ. ණය අරගෙන සාක්කුවේ දමාගෙන තිබේ. ගත්ත ණය වලට අනුව සංවර්ධනයක් සිදු වී නැත. ඒ නිසාම මූල්‍ය අරමුදල කොන්දේසි දමන අතර ඒ කොන්දේසි සමග ලංකාවට හැසිරෙන්නට සිදු වී ඇත. මේ මොහොතේ දාපු මේ කොන්දේසිය ඒ නිසා අසාධාරණ කොන්දේසියක් නොවේ.
හැබැයි මේ කොන්දේසිය ආණ්ඩුව ඉටුකරන්නට යෑමේ දී ආණ්ඩුව සාමාන්‍ය මිනිසාගෙන් පමණක් නම් බදු අයන්නේ ඒ ආර්ථික න්‍යාය අපිට පිළිගන්නට පුළුවන් එකක් නොවේ. හැබැයි අනික් පැත්තෙන් ප්‍රායෝගික පැත්තකුත් තිබේ. ආණ්ඩුව බලයට පත් වී ගතවී ඇත්තේ මාස 7ක් පමණි. ඒ මාස 7 ඇතුලත ආර්ථික සැළස්මක් තුළ විශේෂ යමක් ක්රීයාත්මක කරන්නට කාලයක් නොවේ. ඒකත් අපි පිළිගත යුතු ය. හැබැයි එහෙම බරපතල ආර්ථික සැළස්මක් ඉදිරිපත් කළා ද කියන එක ගැන ද ප්‍රශ්නයක් තිබේ. එහෙම එකක් තිබෙන බවක් පෙනෙන්නට ද නැත. ඉදිරිපත් වී තිබෙන්නේ නම් ඒ ගැන කල්පනා කරන්නට හා වාදකරන්නට පුළුවන. නමුත් එහෙම එකක් ඉදිරිපත් වී ද නැත. ඉතින් ඒ නිසා ආර්ථික සැළස්ම ගැන නම් බරපතල ප්‍රශ්නයක් ඇත. ඒ වගේම මේ ආණ්ඩුවේ දේශපාලන දැක්ම පිළිබඳවද ප්‍රශ්නයක් පැනනැගී ඇත. ඒ අය මැතිවරණයේ දී දුන් පොරොන්දු ඉෂ්ඨකරනවාද කියන කාරණය ගැන ප්‍රශ්නයක් ද ඇත. සමහර පොරොන්දු දුන්නේ ඇයි කියන කාරණය ගැන ප්‍රශ්නයක් ඇත. ඒ කියන්නේ ක්‍රියාත්මක කරන්නට බැරි පොරොන්දු දුන්නේ ඇයි අසන්නට ද සිදුවේ. ඒ අනුව මේ ආණ්ඩුවේ දේශපාලන මෙන්ම ආර්ථික දැක්ම පිළිබඳ ප්‍රශ්නයක් ඇත. හැබැයි ඒ මොන ප්රශ්නය එසේ තිබුණත් ඒ හැම ප්‍රශ්නයකටම මහින්ද රාජපක්ෂ රෙජිමය වගකියන්න ඕනේ කියන කාරණයත් ඒ සමගම අපි මතුකරමු. මේ රට ආර්ථික ප්‍රපාතයකට වැටෙන්න මූලික කාරණය තමයි මහින්ද රාජපක්ෂගේ වැරදි කළමනාකරනය හා දූෂණ. හොරකම්, රුපියල් බිලියන ගණන් සාක්කුවේ දමාගැනීම. සංවර්ධනයට කියා මුදල්ගෙන ඒවා හොරකම් කිරීම. ඒකට තමයි දැන් රටට මුහුණද්ීමට සිදුවී තිබෙන්නේ. සරළ උදාහරණයතක් ගතහොත් ගිය සතියේ විවෘත කළ මුදල් අමාත්‍යාංශ ගොඩනැගිල්ල ගතහැක. ඒකට වර්ග අඩියකට රු.31,000ක වියදමක් ගොස් තිබේ. වර්ග අඩි 4700ක් තිබෙන්නේ. සුප්ිරි පංතියේ ගොඩනැගිල්ලක් හදන්නට යන්නේ රුපියල් 8000ක් සහ 12000ක් අතර ප්රමාණයකි. ඒ කියන්නේ විශාල මුදලක් හොරකම්කර තිබේ. ඒවා ගෙවන්නට වෙන්නේ මුළු රටටම. වැඬේ තියෙන්නේ ඒ අය හොරකම් කළ මුදල් පිළිබඳව නිවැරදි සොයා බැලීමක් කරන්නට සහ ඒවා රජයට අයකරගන්නට, රාජසන්තක කරන්න නැත්නම් වැරදිකරුවෝ එළිකරගන්නට තාම හැකියාවක් ලැබි නැත. ඒ පිළිබඳවද ප්‍රශ්නයක් ඇත.
