ජාතිවාදයට මුහුණ දීමට වමේ සහ වෘත්තීය සමිතිවල ඒකාබද්ද මැයි රෑළියක් !
රාජපක්ෂ රෙජීමය පලවා හැර නව ආණ්ඩුවක් පත්කිරීමට ක්‍රියාශීලී වැඩ කොටසක් කළ හා ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමර්ග සම්බන්ධයෙන් විවේචනාත්මක සහයෝගයක් දක්වන ප්රජාතන්ත්රවාදි බලවේග හා වෘත්තිය සමිති එක් වී ඒකාබද්ධ මැයි රැළියක් පැවැත්විම තීරණය කර ඇති බව දැනගන්නට ඇත.
සමන් රත්නප්‍රිය මහතා නායකත්වය දරණ වෘත්තිය සමිත් එකමුතුව, ජාධිපතිවරණයේ දි පොදු අපේක්ෂකයාට සහාය දැක්වූ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂවල බහුතර කණ්ඩායම් හා ඒවාට අයත් වෘත්තීය සමිති මෙන්ම පොදු අපේක්ෂකයාට අනියමින් සහාය වූ වික්‍රමබාහු කැණාරත්න මහතාගේ නව සමසමාජ හා එයට සම්බන්ධ වෘත්තීය සමිති ද මේ ඒකාබද්ධ මැයි රෑළියට සහභාගිවිමට තීන්දු කර තිබේ.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට එරෙහිව පොදු විපක්ෂයෙන් එන ජාතිවාදය පරාජය කිරීම තේමාකරගත් ඔවුන්ගේ මැයි රැලිය මංකොල්ල කෑ ජාතික ධනය නැවත ලබාගැනීමට කටයුතු නොකර හා දූෂිතයින්ට දඬුවම් නොදී තවතවත් වැඩකරන ජනතාවට බදුබර පැටවීමට එරෙහිව පෙනී සිටින බව ද දැනගන්නට ඇත.
