ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියට වාසුදේව නෑ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක බෙදීමක් ඇතිවේ යැයි සිතිය හැකි මෙවර මැයි දිනයේ දී මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට එම පාර්ශ්වය නියෝජනය කරන ප්‍රධාන නායකයෙකු වූ වාසුදේව නානායක්කාර මහතා සහභාගි නොවන බව සමීප ආරංචි මාර්ග වලින් යුක්තියට දැනගන්නට ලැබී ඇත.
මැයි දිනයට පෙර වාසුදේව නානායක්කාර මහතා එංගලන්තය බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටින බව වැඩිදුරටත් දැනගන්නට තිබේ. එංගලන්ත සංචාරයෙන් අනතුරුව කියුබානු ජනරජයේ මැයි රැළියට සහභාගිවිමට ඔහුට ලද ලද ආරාධනයකට අනුව එහි යන බවක් ද නානායක්කාර මහතාගේ පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂයට තීරණාත්මක වන මෙවර මැයි රැළියට වාසුදේව මහතා සහභාගි නොවී, කියුබාවේ මැයි රැළියට සහභාගිවීමට තීන්දු කිරීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකු තුළ නානායක්කාර මහතා කෙරෙහි බලවත් සැකයක් ඇති වී තිබෙන බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *