අනුර සේනානායක වැමාරුවත් අනුකම්පාව නොලැබෙන හැඩ
තාජුදීන් ඝාතනය ගැනත් හිටපු පාලකයන්ගේ නියෝග ඉටු කිරීමට ඔහු කර වෙනත් අපරාධ ගැනත් තොරතුරු හෙළි කිරීමට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඉදිරිපත් වුවද ඔහුට අනුකම්පා කිරීමට හෝ ඔහුව රජයේ සක්ෂිකරුවකු කිරීමට හෝ තීරණය නොකරනු ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි . ඔහු සම්බන්ධ බව කියන තවත් අපරාධ රාශියක් තිබීම එයට හේතුව බව කියති .
කෙසේ වෙතත් පාපොච්චාරණය කොට අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීමෙන් සහනයක් ලබාගැනීමේ අවස්ථාව අනුර සේනානායක මහතාට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .
