“රනිල් එන්නේ නැත්නම් මන්ත්‍රීකමට වෙන කෙනෙකු පත් කරන්නේ නැහැ” – එජාප ප්‍රබලයෝ රනිල්ට කියති

“රනිල් එන්නේ නැත්නම් මන්ත්‍රීකමට වෙන කෙනෙකු පත් කරන්නේ නැහැ” – එජාප ප්‍රබලයෝ රනිල්ට කියති

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුස්සා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් , එය ඔහු භාර නොගන්නේ නම් වෙනත් කිසිවකු පත් නොකරන බවත් , එජාප ප්‍රබලයෝ රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් , පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙම ප්‍රශ්නය සාකච්ඡා කළ විට ද වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ තමන්…

එජාපයේ ඉන්නවා ද ? යනවා ද ? – රංගේට පැරදුනු රවී දෙගිඩියාවෙන්

එජාපයේ ඉන්නවා ද ? යනවා ද ? – රංගේට පැරදුනු රවී දෙගිඩියාවෙන්

“එජාපයේ මහා ලේකම් තනතුර නැතිනම් කිසි ම තනතුරක් එපා !” යන ස්ථාවරයේ සිටිමින් පසුගිය තනතුරු පත්කිරීම් වර්ජනය කළ රවී කරුණානායක මහතා ඔහුගේ විරෝධය නොතකා පක්ෂයේ මහ ලේකම් තනතුරට රංගේ බණ්ඩාර මහතා පත්කර ගැනීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීම ගැන කල්පනා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි. රවී කරුණානායක , නවීන් දිසානායක , අර්ජුන රණතුංග…

රුපියලේ අගය දිගින් දිගට වැටේ ; අද ඩොලරයට රුපියල් 197 යි

ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 197 ක් දක්වා දඩ රුපියලේ අගය අද පහත ගිය බව වෙළෙඳපොල වාර්තා කියයි . අද දිනයේ මිල සටහන් වී ඇත්තේ ඩොලරයට රුපියල් 196 ක් සහ 197 ක් අතර මිල ගණන් වශයෙනි . පසුගිය මාස ගෙකක් තිස්සේ රුපියලේ අගය පහත වැටෙමින් පවතියි ජනවාරි මැද වනවිට ඩොලරයට රුපියල් 184 මට්ටමට රුපියල ශක්තිමත් වනු…

කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 50,000 පසුකරයි ; අදත් 660 එක්වෙති

කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 50,000 පසුකරයි ; අදත් 660 එක්වෙති

කොවිඩ් දෙවන රැල්ල නොහොත් ත්‍රිත්ව පොකුර ලෙස හඳුන්වනු ලබන ව්‍යාප්තියේ ආසාදිත සංඛ්‍යාව අද 50,000 සීමාව ද ඉක්මවා ඉහළ  ගියේ ය. අද රාත්‍රියේ එය සටහන් වුයේ 50,561 ක් වශයෙනි. ඒ අද දිනයේ අලුතින් එකතු වූ ආසාදිතයින් 660 දෙනා ද සමගිනි. මෙරටින් හමු වුසමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 54,428 ක් ලෙස සටහන් වෙයි.

තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වෙයි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ තුනක් අද වාර්තා වී ඇත . මෙම මරණ වාර්තා වී ඇත්තේ අරනායක ,කොළඹ 6, සහ මාලිගාවත්ත ප්‍රදේශවලිනි. මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 273 කි.

විදෙස් ආයෝජකයන් වරායට නව ජවයක් – හිටපු ඇමැති මංගල සමරවීර

  කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයට විදෙස් ආයෝජකයන් සම්බන්ධ කර ගැනීම හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අලුත් යුගයක් මෙන්ම නව ජවයක් ලැබෙන බව හිටපු විදේශ හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. විදේශ ආයෝජන යනු රට පාවාදීමක් නොවන බව පේනවා දුන් හිටපු ඇමැති මංගල සමරවීර මහතා වියට්නාමය වැනි සමාජවාදී රටවල් පවා මෙම සත්‍යය අවබෝධ කරගෙන විදෙස්…

ජනාධිපති ගොඨාභයත් නිරෝධායනයට ?

ජනාධිපති ගොඨාභයත් නිරෝධායනයට ?

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාට ද නිරෝධායනයට යොමුවීමට සිදුවන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි. එයට හේතුව නම් ඒ මහතා කොවිඩ් 19 පළමු පෙළ ආසාධිතයකු ලෙස හඳුනාගනු ලැබ තිබීම යි. කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනාගෙන ඇති සනත් නිශාන්ත ඇමතිවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයකු ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා හඳුනාගනු ලැබ ඇත. හොරණ ඉදි වූ ටයර් කර්මාන්ත ශාලාව විවෘත…

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇතැයි නීතිපති පාර්ලිමේන්තුවට දන්වයි

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇතැයි නීතිපති පාර්ලිමේන්තුවට දන්වයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හතරක සිර දඬුවමක් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද දැනුම් දුන් බව වාර්තා වෙයි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වන්නේ ද යන්න ගැන ගැටළුවක් පැවතී අතර ඒ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු ලෙස නීතිපතිවරයා තම මතය මෙසේ දැනුම් දී…

තවත් කොවිඩ් ආසාදිතයින් 627 ක් ; වත්මන් රැල්ල 50,000 ආසන්නයේ

තවත් කොවිඩ් ආසාදිතයින් 627 ක් ; වත්මන් රැල්ල 50,000 ආසන්නයේ

අද දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 627 ක් හඳුනාගත් බව රජය නිවේදනය කරයි. මිනුවන්ගොඩින් ඇරඹි වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 50,000 ට ආසන්න වී පවතින්නේ 49,901 ක් වශයෙනි . මෙරටින් සොයාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 53,768 දක්වා ඉහළ ගොස් ඇත. දිනපතා වාර්තාවන රෝගීන් සංඛ්‍යාවේ සාපේක්ෂ වැඩිවීමක් මිස කිසිදු අඩුවීමක් දක්නට නැත.  

අද කොවිඩ් මරණ හයක් ; සමස්තය 270 ට නගී

කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදු වූ තවත් මරණ හයක් පිළිබඳව අද දිනයේ වාර්තා වී ඇත . කොළඹ 03, කොළඹ 15, මෝදර , දකුණු කළුතර , දෙහිවල සහ රත්නපුර ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 270 කි.

මහින්ද පාලන සමයේ ගනුදෙනුවකට රාජිත ඇතුළු 03 කට අධි චෝදනා

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ධීවර ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේ දී සිදු කළ බව කියන ගනුදෙනුවක්  සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකිරීම අද සිදුව තිබේ . හිටපු ඇමතිවරයාට අමතරව  ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතාට සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ රවීන්ද්‍ර මුණසිංහ මහතාටද අධි චෝදනා ගොනුකර ඇත….

ධම්මික පැනිය ප්‍රසිද්ධියේ බිව් රාජ්‍ය ඇමති පියල් නිශාන්තටත් කොරෝනා ; ඇමති ජී එල් ටත් නිරෝධායනය වෙන්න වෙලා

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට සිදු කළ පීසීආර් පරීක්ෂණයකට  අනුව ඔහු කොරෝනා වෛරසය සඳහා ධනාත්මකවූ බව වාර්තාවේ. පීසීආර් පරීක්ෂණ අනුව පියල් නිශාන්ත මහතාගේ පවුලේ කිහිපදෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි වාර්තා වෙයි. ඔවුන් සියල්ල දැන් කොස්ගොඩ ප්‍රදේශයේ ස්ථානයක නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ආශ්‍රිතයින් සම්බන්ධ විමර්ශන අරඹා ඇත. පියල් නිශාන්ත මහතාගේ…