එජාපයේ ඉන්නවා ද ? යනවා ද ? – රංගේට පැරදුනු රවී දෙගිඩියාවෙන්

“එජාපයේ මහා ලේකම් තනතුර නැතිනම් කිසි ම තනතුරක් එපා !” යන ස්ථාවරයේ සිටිමින් පසුගිය තනතුරු පත්කිරීම් වර්ජනය කළ රවී කරුණානායක මහතා ඔහුගේ විරෝධය නොතකා පක්ෂයේ මහ ලේකම් තනතුරට රංගේ බණ්ඩාර මහතා පත්කර ගැනීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීම ගැන කල්පනා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
රවී කරුණානායක , නවීන් දිසානායක , අර්ජුන රණතුංග තිදෙනා එක් කණ්ඩායමක් ලෙස කටයුතු කරන බව ද කියති .
රුවන් විජේවර්ධන මහතා නියෝජ්‍ය නායක ලෙස පත් කිරීමට එරෙහිව රවී කරුණානායක මහතා තරංග වැදුණු නමුත් එයින් ද ඔහු පරාජයට පත් වීය . මහ ලේකම් තනතුර බලාපොරොත්තු වුයේ ඉන් පසුව ය.
රවී සමග සමීප සබදතා පවත්වන නවීන් දිසානායක මහතා ද තමන්ට ලැබුණු එජාප ජාතික සංවිධායක තනතුර තවමත් භාරගෙන නැත.
රවී ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගයට සම්බන්ධ වනු ඇතැයි ආරංචි පැතිර ගිය ද , රවී කරුණානායක මහතා සම්බන්ධ කර ගැනීමට එම පක්ෂයේ ද වැඩි කැමැත්තක් නැති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
