“රනිල් එන්නේ නැත්නම් මන්ත්‍රීකමට වෙන කෙනෙකු පත් කරන්නේ නැහැ” – එජාප ප්‍රබලයෝ රනිල්ට කියති

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුස්සා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් , එය ඔහු භාර නොගන්නේ නම් වෙනත් කිසිවකු පත් නොකරන බවත් , එජාප ප්‍රබලයෝ රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් , පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙම ප්‍රශ්නය සාකච්ඡා කළ විට ද වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ තමන් එම තනතුර භාර නොගන්නා බවයි.

පක්ෂයේ සභාපති ලෙස පත්ව සිටින වජිර අබේවර්ධන මහතා පසුගිය දා මාධ්‍යයට කීවේ මන්ත්‍රී ධුරය භාරගන්න දිනය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරනු ඇති බවත් , එතෙක් මන්ත්‍රී ධුරය හිස්ව පවතිනු ඇති බවත් ය.

රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කොට ඇත්තේ මන්ත්‍රී ධුරය රුවන් විජේවන්ධන මහතාට ලබා දිය යුතු බව යි. එයට විජේවර්ධන මහතා කැමැත්ත දක්වා නැත.

මේ අතර ජෝන් අමරතුංග මහතා කියන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලයිස්තුවේ පලමුවනියාට සිටින තමන්ට හිමි විය යුතු බව යි. එයට පක්ෂයේ ප්‍රබලයින් කිසිවකුගෙන් සහය ලැබී නැත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිස්ව තැබිය හැකි බවත් , ඕනෑම මොහොතක පත්කළ හැකි බවත් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුල තත්ත්වය බවත්  වජිර අබේවර්ධන මහතා කියා යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *