රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇතැයි නීතිපති පාර්ලිමේන්තුවට දන්වයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හතරක සිර දඬුවමක් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද දැනුම් දුන් බව වාර්තා වෙයි.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වන්නේ ද යන්න ගැන ගැටළුවක් පැවතී අතර ඒ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු ලෙස නීතිපතිවරයා තම මතය මෙසේ දැනුම් දී තිබේ.
ඒ අනුව මන්ත්‍රී අසුන හිස් වී ඇති බව සලකා එයට පසුගිය මැතිවරණයෙන් ඊළඟට වැඩි මනාප ලැබූ මන්ත්‍රීවරයා පත් කිරීඒමට නියමිතව ඇත.
එම අසුන හිමිවන්නේ අජිත් මාන්නප්පෙරුම මහතාට බව වාර්තා වී තිබේ. කෙසේ වෙතත් , එය සිදුවනු ඇත්තේ නීතිමය ගැටළු විසඳි නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමෙන් පසුව ය.
පාර්ලිමේන්තුව හෙට නැවත රැස් වීමට නියමිත ය.
