ජනාධිපති ගොඨාභයත් නිරෝධායනයට ?

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාට ද නිරෝධායනයට යොමුවීමට සිදුවන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.
එයට හේතුව නම් ඒ මහතා කොවිඩ් 19 පළමු පෙළ ආසාධිතයකු ලෙස හඳුනාගනු ලැබ තිබීම යි.
කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනාගෙන ඇති සනත් නිශාන්ත ඇමතිවරයාගේ පළමු පෙළ ආශ්රිතයකු ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා හඳුනාගනු ලැබ ඇත.
හොරණ ඉදි වූ ටයර් කර්මාන්ත ශාලාව විවෘත කිරීම සඳහා පසුගිය 15 දා පැවතී උත්සවයේ දී ජනාධිපතිතුමා සහ පියල් නිශාන්ත ඇමතිවරයා ඉතා සමීපව කටයුතු කොට ඇති බව වාර්තා වෙයි.
එම සිදුවීමෙන් දින දෙකක් ගතවන විට පියල් නිශාන්ත ඇමතිවරයා කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගනු ලැබී ය.
ඒ අනුව ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කොවිඩ් පළමු පෙළ ආසාදිතයකු වී ඇති බව වාර්තා වෙයි.
නිරෝධායන නීති අනුව ජනාධිපති තුමා නිරෝධායනය විය යුතු බව කියති
පියල් නිශාන්ත ඇමතිවරයාගේ ආශ්රිතයකු වූ ජී එල් පීරිස් ඇමතිවරයා ද මේ වනවිට ස්වයං නිරෝධායනය වෙමින් සිටියි.
