තවත් කොවිඩ් ආසාදිතයින් 627 ක් ; වත්මන් රැල්ල 50,000 ආසන්නයේ

අද දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 627 ක් හඳුනාගත් බව රජය නිවේදනය කරයි.
මිනුවන්ගොඩින් ඇරඹි වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 50,000 ට ආසන්න වී පවතින්නේ 49,901 ක් වශයෙනි .
මෙරටින් සොයාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 53,768 දක්වා ඉහළ ගොස් ඇත.
දිනපතා වාර්තාවන රෝගීන් සංඛ්‍යාවේ සාපේක්ෂ වැඩිවීමක් මිස කිසිදු අඩුවීමක් දක්නට නැත.
