මහින්ද පාලන සමයේ ගනුදෙනුවකට රාජිත ඇතුළු 03 කට අධි චෝදනා
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ධීවර ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේ දී සිදු කළ බව කියන ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකිරීම අද සිදුව තිබේ . හිටපු ඇමතිවරයාට අමතරව ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතාට සහ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ රවීන්ද්‍ර මුණසිංහ මහතාටද අධි චෝදනා ගොනුකර ඇත.
2014 වසරේදී මෝදර ධීවර වරාය සංවර්ධනය සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී රජයට පාඩුවක් සිදුවන අයුරින් අක්‍රමිකතාවයක් සිදුකළ බවට රාජිත සේනාරත්න මහතා ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල කොට තිබේ.
සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.
මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා අප්‍රේල් මස 21 වැනිදා කැඳවීමට නියමිත ය.
