ධම්මික පැනිය ප්‍රසිද්ධියේ බිව් රාජ්‍ය ඇමති පියල් නිශාන්තටත් කොරෝනා ; ඇමති ජී එල් ටත් නිරෝධායනය වෙන්න වෙලා

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට සිදු කළ පීසීආර් පරීක්ෂණයකට  අනුව ඔහු කොරෝනා වෛරසය සඳහා ධනාත්මකවූ බව වාර්තාවේ.
පීසීආර් පරීක්ෂණ අනුව පියල් නිශාන්ත මහතාගේ පවුලේ කිහිපදෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි වාර්තා වෙයි.
ඔවුන් සියල්ල දැන් කොස්ගොඩ ප්‍රදේශයේ ස්ථානයක නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ආශ්‍රිතයින් සම්බන්ධ විමර්ශන අරඹා ඇත.
පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රීතයකු ලෙස ජී එල් පීරිස් ඇමතිවරයා ද නිරෝධායනයට යොමු කොට ඇති බව වාර්තා වෙයි .
පියල් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රසිද්ධියේ ම කෑගල්ලේ ධම්මික පැනිය පානය කළ අයෙකි.
මීට පෙර  වාර්තා වුයේ ධම්මික පැනිය පානය කළ කෑගල්ලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පවුලේ සැමට කොවිඩ් වැළඳී ඇති බවයි .
කොවිඩ් වැළඳී නිරෝධායනය වන වාසුදේව නානායක්කාර ඇමතිවරයා කිවේ තම ධම්මික පැනිය තම නිවසේ ම සාදා ගෙන පානය කළ බවයි.
ධම්මික පැනියට දුන් රාජ්‍ය අනුග්‍රහය ප්‍රමාණවත් නැති බවටත් , එය බටහිර ගැති චින්තනය බවටත්, ඇතැම් පිරිස් සහ ජනමාධ්‍ය පසුගිය දිනවල විශාල ඝෝසාවක් කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *