අදත් (17 ) කොවිඩ් ආසාදිතයින් 749 ක් ; තුන්වන රැල්ලක් ගැන සැකයක්

අද දිනය තවත් කොවිඩ් 19 ආසාදිතයින් 749 දෙනෙකු අලුතින් හඳුනාගනු ලබා ඇත.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ ඇරඹුණු කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 49,274 ක් දක්වා ඉහල ගියේ ය.
මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 53,141 ක් ලෙස සටහන් වෙයි.
පසුගිය සතියේ කොවිඩ් ආසාදිත සංඛ්‍යා වැඩිවීමත් සමග කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වී ඇත්දැයි සෞඛ්‍ය අංශවල සක පහල වී ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි.
