තවත් කොවිඩ් මරණ අටක් ; බහුතරය කොළඹින් පිට

කොවිඩ් ආසාදිත මරණ අටක් අද දිනයේ වාර්තා වී ඇත .

කොළඹ ආසන්නයේ බොරැල්ල, කොලොන්නාව, සහ දෙහිවල ප්‍රදේශවලින් මරණ තුනක් වාර්තා වී තිබේ. අනෙක් පස්දෙනා කොළඹින් පිට ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

වැඩි ම සංඛ්‍යාවක් වන මරණ තුනක් පොළොන්නරුවෙන් වාර්තා වී තිබේ . අනෙක් මරණ දෙක වාර්තා වන්නේ උදුපුස්ඇල්ලාව සහ කෑගල්ල ප්‍රදේශවලිනි.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 264 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *