ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ කාලයේ මානව හිමිකම් කඩවීම් හොයන්න ජනාධිපති ගෝඨාභයගෙන් කොමිසමක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ යුද්ධයේ අවසන් කාලයේ සිදු වූ බවට චෝදනා නැගී ඇති මානව හිමිකම් කඩවීම් පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීම සඳහා පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි . මෙම කරුණ සම්බන්ධයෙන් මෙතෙක් සිදු වී ඇති පරීක්ෂණවල දී සොයාගත් කරුණු යලි සමාලෝචනය කිරීම ද මෙම කමිටුවේ අරමුණක් බව කියති.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) වාර්තාව, දරුස්මාන් වාර්තාව, අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ පරණගම කොමිෂන් වාර්තාව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි වාර්තා පිළිබඳව මෙම කොමිසම මගින්  සොයා බැලීමට නියමිතය. මෙම විමර්ශන කොමිෂමට ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ඇතුළු සාමාජිකයන් තිදෙනෙකු පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

පසුගිය යුද සමය තුළ ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටු ගැන යළි සලකා බැලීමට විමර්ශන කොමිසමක් පත් කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පසුගිය මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබිණි. ඒ අනුව මෙම කොමිසම පත්කරනු ලබන්නේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය මාර්තු මාසයේ රැස්වීමට නියමිතව තිබිය දී ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *