ජයග්‍රහණය විශ්වාසයි – සියලු ඡන්ද ගණින තුරු ඉවසන්න – ජෝ බයිඩන් පාක්ෂිකයින් අමතයි

මැතිවරණයෙන් තම ජයගන්න බව විශ්වාස බවත් , නොසිත් ජයග්‍රහණ ලැබී ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු මෝහතකට පෙර ඔහුගේ ආධාරකරුවන් අමතා ප්‍රකාශ කළේ ය. ඡන්ද ගණන් කරීම අවසන් වනතෙක් ඉවසා සිටින ලෙසත් , ජයග්‍රහණය ප්‍රකාශකිරීම තමන් කළයුතු කාර්යයක් නොවන බවත් ඔහු ප්‍රකශ කළේය . මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව බයිඩන්…

අමෙකිකානු ජනාධිපතිවරණය – බයිඩන් ඉදිරියෙන්

  ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ලැබී ඇති පතිඵල අනුව එලෙක්ටෝරල් කොලේජ් ආසන 209ක් හිමිකරගෙන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටියි. රිපබ්ලිකන් අපේක්ෂක වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට මෙතෙක් හිමි කරගත හැකිව ඇත්තේ අසන 116 කි. කෙසේ වෙතත් ඉතිරි ආසන සඳහා තියුණු තරගයක් පවතින බව විදෙස් මාධ්‍ය කියයි.

කොරෝනා පොකුර 8266 දක්වා ඉහලට ; ඊයේ අලුතින් 409 ක්

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ගොඩනැගුනු වත්මන් කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 8266 ක් දක්වා ඉහළ  ගොස් ඇත ඒ ඊයේ එකතු වූ 409 දෙනකුගේ සංඛ්‍යාවත් සමග ය.

ඇමෙරිකානු ජනාධිපතිවරණය අද ; අධිකරණයට යන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

  ඇමෙරිකානු ජනාධිපතිවරණය අද පැවැත්වෙන අතර එහි දී තැපැල් ඡන්ද ගණන් කිරීමට එරෙහිව හෙට දින අධිකරණය ඉදිරියට යන බව රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් මහතා ප්‍රකශ කොට ඇත. ඇමෙරිකානු ජනතාවට තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය ඇති අතර ඒවා ගණන්  කරනු ලබන්නේ ඡන්ද ප්‍රකාශකිරීම අවසන් වීමෙන් පසුව ය. ඇතැම් ප්‍රාන්තවල තැපෑලෙන් ඡන්දය ලැබීම ඡන්ද ප්‍රකාශ…

ජෝ බයිඩන් ජයගනු ඇතැයි විශ්වාසයෙන් ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ නගී

ජෝ බයිඩන් ජයගනු ඇතැයි විශ්වාසයෙන් ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ නගී

ඇමෙරිකානු කොටස් වෙළෙඳපොලේ විශාල වර්ධනයක් ඊයේ වාර්තා වූ බවත් එයට හේතුව ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජයගනු ඇතැයි විශ්වාශය තහවුරු වීම බවත් CNN පුවත් සේවය වාර්තා කරයි . කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකවල ඉහල යාමක් ඊයේ දක්නට ලැබී ඇත. ජනාධිපතිවරණ ජයග්‍රහණයටත් වඩා මෙම වර්ධනයට හේතුව ඇමෙරිකානු සෙනෙට් සභාවේ ද පැහැදිලි බහුතර බලයක් ඩිමොක්‍රටික් පක්ෂයට…

තවත් කොවිඩ් 19 මරණ දෙකක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තා වී තිබේ. අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ දෙදෙනා කොළඹ ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවල පදින්චිකරියෝ වෙති. කොළඹ ජාතික රෝහලේදී මෙම මරණ දෙක සිදුවී තිබේ. කලින් 22 වන මරණය ලෙස සඳහන් කළ සියදිවි…

සමන්ත භද්‍ර රහතන් වහන්සේ අහසින් වැඩ රට පුරා පිරිත් පැන් ඉසිති !

සිරි සදහම් විහාරාධිපති සමන්ත භද්‍ර රහතන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක්  අහසින් වැඩම කරමින් රට පුරා පිරිත් පැන් ඉසිමින් කොවිඩ් 19 වසංගතයෙන් රටට ශාන්තිය සැලසු බව සදහම් විහාරය ප්‍රකාශ කරයි. නියමාකාරයෙන් පිරිත් කරන ලද පිරිත් පැන් දිවයිනේ අට කොනට සහ මධ්‍යම ප්‍රදේශයට ද ඉස ඇති බව කියති. ස්වාමින් වහන්සේලාට අහසින් වැඩීම සඳහා පෞද්ගලික හෙලිකොප්ටර් යානයක්…

අදත් කොවිඩ් ආසාදිතයින් 275ක්

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 275ක් අද දිනයේ ද හඳුනාගනු ලබා ඇත. සවස් වනවිට 164ක් සහ රාත්‍රී ථව111ක් ලෙස මෙම සංඛ්‍යාව වාර්තා වීය

කෑගල්ල සහ කුරුණෑගල තවත් පොලිස් බලප්‍රදේශ පහක් හුදෙකලා කරයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කිරිමට තීරණය කොට තිබේ. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශය ද හුදෙකලා කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ නිර්දේශ මත කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි.  

සියදිවි නසාගත් තරුණයා 22 වැනි කොරෝනා මරණය වෙයි

පසුගිය දා සියදිවි නසාගත් බව වාර්තා වූ පානදුරේ  27 හැවිරිදි තරුණයාට කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි වාර්තා වෙයි. මෙය මෙරට සිදු වූ 22 වැනි කොවිඩ් මරණය බව රජය වාර්තා කරයි.

තවත් කොරෝනා ආසාදිතයත් 397ක්; පොකුර 7852 යි ; මෙරට සමස්තය 11,000 පනී

ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිතයන් 397ක් හදුනාගෙන ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි. 193ක් සහ 204ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වීය. මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුර ආශ්‍රිතව ආසාදිතයින් 7852ක් මේ වන විට වාර්තා වෙයි. මේ වන විට මෙරටින් වාර්තා වන ආසාදිතයන් ප‍්‍රමාණය 11,000 ඉක්මවා ගොස් ඇත.

මෙරට 21 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට 21 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.මෙම මරණය ඊයේ (31) වැලිසර ලය රෝහලේ දී සිදු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි මෙම මියගිය රෝගියා 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි අධි රුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ අසාදිත තත්ත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයා 23 වන දින රෝහල් ගත වී ඇති බව ද…