ජෝ බයිඩන් ජයගනු ඇතැයි විශ්වාසයෙන් ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ නගී

ඇමෙරිකානු කොටස් වෙළෙඳපොලේ විශාල වර්ධනයක් ඊයේ වාර්තා වූ බවත් එයට හේතුව ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජයගනු ඇතැයි විශ්වාශය තහවුරු වීම බවත් CNN පුවත් සේවය වාර්තා කරයි .

කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකවල ඉහල යාමක් ඊයේ දක්නට ලැබී ඇත.

ජනාධිපතිවරණ ජයග්‍රහණයටත් වඩා මෙම වර්ධනයට හේතුව ඇමෙරිකානු සෙනෙට් සභාවේ ද පැහැදිලි බහුතර බලයක් ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවනු ඇතැයි යන විශ්වාසය බව කියති.

කොටස් වෙළෙඳපොළ සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ රිපබ්ලිකන් ජයක දී බවට විශ්වාසයක් තිබුණ ද මේ අවස්ථාවේ එය වෙනස් වී ඇති බව කියති . එයට හේතුව ලෙස කියන්නේ කොවිඩ් තත්ත්වය නිසා ආර්ථිකයට රජයේ ආධාර අවශ්‍ය වී තිබීමත් එවැන්නක් ලබාදීමට වැඩි නැබුරුවක් ඇත්තේ ඩිමොක්‍රටික් ප්‍රතිපත්ති මත බවත් පෙනී යාමයි.

කෙසේ වෙතත් , ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ඔහුගේ අවසන් රැලි වල දී ,ප්‍රකාශ කළේ ඇමෙරිකානු පුවත් සේවා බොරු වාර්තා පලකරන බවයි. කොවිඩ් 19 ගැන අතිශයෝක්තියෙන් වාර්තා පලකරන බව කී ඔහු ජනමත සමීක්ෂණ ද බොරු බව කීය.

CNN යනු බොරු කියන මාධ්‍ය ආයතනයක් බවට ඔහු චෝදනා කළේ ය.

CNN ජනමත සමීක්ෂණ අනුව ඡන්දයෙන් 52% ක් හිමිකර ගනිමින් ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවය සටහන් වන්නේ 43% වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *