ඇමෙරිකානු ජනාධිපතිවරණය අද ; අධිකරණයට යන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

 

ඇමෙරිකානු ජනාධිපතිවරණය අද පැවැත්වෙන අතර එහි දී තැපැල් ඡන්ද ගණන් කිරීමට එරෙහිව හෙට දින අධිකරණය ඉදිරියට යන බව රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් මහතා ප්‍රකශ කොට ඇත.

ඇමෙරිකානු ජනතාවට තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය ඇති අතර ඒවා ගණන්  කරනු ලබන්නේ ඡන්ද ප්‍රකාශකිරීම අවසන් වීමෙන් පසුව ය. ඇතැම් ප්‍රාන්තවල තැපෑලෙන් ඡන්දය ලැබීම ඡන්ද ප්‍රකාශ කළ දිනයෙන් දින කිහිපයකට පසුව ද සිදුවන  අතර ඒවා ඡන්දය ප්‍රකාශ කළ දිනයට පෙර තැපැල් කර ඇත්නම් ගණන් කිරීම එරට දිගට ම පැවති පිළිගත් ක්‍රමවේදය වීය.

කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ මෙයින් මතිවර දුෂණ සිදුවිය හැකි නිසා එම ඡන්ද ගණන් නොකළ යුතු බව යි .

ට්‍රම්පට එරෙහිව තරග වදින ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තම ඡන්දදායකයන්ට කල්තබා තැපෑලෙන් ඡන්දය දෙන ලෙස උපදෙස් දීමත් ඒ අනුව විශාල පිරිසක් ඡන්ද ප්‍රකාශ කොට තිබීමත් නිසා ට්‍රම්ප්ගේ උත්සාහය එම ඡන්ද ගණන් කිරීම වැලැක්වීම බව පෙනෙන්නට තිබේ.

මෙම උණුසුම් සටන නිසා ඇමෙරිකානු ඡන්දදායකයන් නවකෝටි තිස් ලක්ෂයක් ඊයේ වනවිට ඡන්දය දී තිබිණි .එය 2016 ජනාධිපතිවරණයේ භාවිත වූ කෝටි 13 ක් ඡන්ද ප්‍රමාණයෙන් සියයට 70 ක් පමණ වෙයි. එය ඇමෙරිකානු ඡන්ද ඉතිහාසයේ වාර්තාවකි.

මැතිවරණ දිනයෙන්  පසුව ලැබෙන ඡන්ද ගණන් කිරීමට එරෙහිව හෙට (4 දා ) තම නීතිඥයන් සමග අධිකරණය ඉදිරියට යන බව ඊයේ උතුරු කරෝලිනාහි පැවති අවසන් ඡන්ද රැලියේ දී ට්‍රම්ප්  තදින් ප්‍රකාශ කළේ එම ඡන්ද ගණන් නොකරන ලෙස ආණ්ඩුකාරවරුන්ට තර්ජනාත්මකව අවවාදයක් ද කරමිනි.

කෙසේ වෙතත් , ආණ්ඩුකාරවරුන් සහ මැතිවරණ බලධාරීන් කියන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය රැකගැනීමක් ලෙස එම ඡන්ද ගණන් කරන බවයි.

විදේශවල සේවයේ යෙදී සිටින ඇමෙරිකානු හමුදා භටයන්ගේ හා නිලධාරීන්ගේ ඡන්ද දමෙලෙස ප්‍රමාද වී ලබෙනබව කියති.

කෙසේ වෙතත් ,ඇමෙරිකානු ජන මාධ්‍ය කියන්නේ ජනාධිපතිවරණයෙන් එක් අයෙකුට පැහැදිලි ජයක් හිමිවන බව තහවුරු වුවහොත් මෙම තත්ත්වය පැන නොනගිනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *