තවත් කොවිඩ් 19 මරණ දෙකක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තා වී තිබේ.

අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ දෙදෙනා කොළඹ ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවල පදින්චිකරියෝ වෙති.

කොළඹ ජාතික රෝහලේදී මෙම මරණ දෙක සිදුවී තිබේ. කලින් 22 වන මරණය ලෙස සඳහන් කළ සියදිවි නසාගත් තරුණයාගේ මරණය කොවිඩ් මරණයක් නොවන බව පසුව තීරණය කිරීම නිසා මෙම මරණ දෙක 22 වන සහ 23 වන මරණ ලෙස වාර්තා කොට ඇත.

ඒ අනුව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 23 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *