තවත් කොරෝනා ආසාදිතයත් 397ක්; පොකුර 7852 යි ; මෙරට සමස්තය 11,000 පනී

ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිතයන් 397ක් හදුනාගෙන ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
193ක් සහ 204ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වීය.
මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුර ආශ්‍රිතව ආසාදිතයින් 7852ක් මේ වන විට වාර්තා වෙයි.
මේ වන විට මෙරටින් වාර්තා වන ආසාදිතයන් ප‍්‍රමාණය 11,000 ඉක්මවා ගොස් ඇත.
