සංදේශය ගුවන් විදුලි වැඩ සටහන නවතා දැමීම කණස්සල්ලට කාරණයක්. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  ”සංදේශය ගුවන් විදුලි වැඩ සටහන” 2020 දෙසැම්බර් 1 වෙනිදා සිට නවතා දැමීමට  තීරණය කිරීම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය අවකාශයන් වෙනුවෙන් පෙනී සිට ඇති  බීබීසී වැනි මාධ්‍ය ආයතනයක් විසින් නොගත යුතු පියවරක් බව ප්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කර සිටී. පැය භාගයක ගුවන් කාලයක් යටතේ පැවැති සංදේශය ගුවන් විදුලි වැඩ…

සෞඛ්‍ය ඇමැතිනියට එරෙහිව වෛද්‍ය සභා සාමාජිකයෝ නඩු මගට ; අස්කිරීමේ බලයක් ඇමතිට නෑ !

සෞඛ්‍ය ඇමැතිනියට එරෙහිව වෛද්‍ය සභා සාමාජිකයෝ නඩු මගට ; අස්කිරීමේ බලයක් ඇමතිට නෑ !

තමන් තනතුරුවලින් ඉවත්කරන බව දන්වා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ත්‍රා වන්නිආරච්චි මහත්මිය විසි ඒවා ඇති ලිපිවලට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින්  කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු පස් දෙනෙකු තනතුරුවලින් ඉවත්කරන බව සෞඛ්‍ය ඇමතිනිය විසින් පසුගිය දා ලිපි යවා  ඇත. කෙසේ වෙතත්,…

’’පාස්කු පරීක්ෂණ කාපට් එක යට හංගන්න හදන්න එපා සාධාරණයක් නොලැබුණොත් විකල්ප හොයන්න වෙයි’’ – කාදිනල් හිමි

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා නැත්නම් ඩීල් සංස්කෘතියක් ඇති කිරීම සඳහා වෙනදා සිදු වූ ආකාරයටම පාස්කු පරීක්ෂණත් කාපට් එක යට හැංගීමට කිසිදු උත්සාහයක් දැරිය යුතු නැති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ අවධාරණය කළහ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (03) කොළඹ අගරදගුරු නිල නිවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සමඟ පැවති හමුවේදීය….

ආයතන සභාපතිවරු පෝලිමට අස්වෙති ; ආයෝජන මණ්ඩලයෙන් පසු අපනයන මණ්ඩල සභාපති

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මීට සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. සිය පෞද්ගලික ව්‍යාපාර කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු කිරීමට අවශ්‍ය නිසා තමන් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔහු පවසා ඇතැයි කියති. මීට පෙර ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායකද සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ඒ අමතා…

මානසික රෝග ඖෂධවලින් ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ නෑ – වෛද්‍ය සංගමයෙන් වීරවංශලාට “කණේ පහරක්”

මානසික රෝග සදහා ශ්‍රී ලංකාවේද භාවිතා කරන්නේ ලොව අනෙක් රටවල භාවිතා කරන ඖෂධ ම බවත්, එම ඖෂධ ලංකාවට ගෙන්වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව බවත් ශ්‍රී ලංකාවේ විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරුන් ගිය දශක 7 තිස්සේ නියමිත මාර්ගෝපදේශනවලට අනුව මෙම ඖෂධ නිර්දේශ කර ඇත. මානසික රෝගවලට ලබාදෙන…

මහජන උපයෝගීතා කොමිසම වසා දැමේ – හොරකමට ඉඩක්දැයි සැකයක්!

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දමන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිඛිතව නියෝග කර ඇති බව වාර්තා වේ. වර්ෂ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවා ඇති අතර 2009 අංක 20 දරන ශ්‍රී ලංකා…

බුරවි’ දිවයිනෙන් ඉවතට – බරපතළ හානි නැහැ

බුරවි සුළි කුණාටුව අද උදේ වන විට මන්නාරමේ ඉලුප්පායිකඩවායි වෙරළ තීරය ආසන්නයේ ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යමින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි මේ වනවිට කුණාටුවේ කේන්ද්‍රය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගොස්  ඇති බව,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව පැහැදිලි වෙයි  . කුණාටුවෙන් බරපතළ හානි කිසිවක් මෙතෙක්  වාර්තා වී නැතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාගත ඉහළ යාමක් ; අද දිනයට 878 ක්

කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාගත ඉහළ යාමක් ; අද දිනයට 878 ක්

කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කරමින් අද දිනයේ රෝගීන් 878 දෙනෙකු හඳුනාගනු ලැබ ඇත. අද සවස් වනවිට ආසාදිතයන් 350 ක් වාර්තා වී තිබු අතර රාත්‍රියේ තවත් 528 ක් එක්වීමෙන් දිනක දී වාර්තා වූ උපරිම සංඛ්‍යාව වන 878 ක් වාර්තා වී තිබේ. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 21,561ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ දක්වා…

තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි මෙසේ මිය ගොස් ඇත්තේ හලාවත පදිංචි 66 හැවිරිදි කාන්තාවක් හා කොළඹ 13 පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මෙම මරණ දෙක සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇත. මහර බන්ධනාගාර ගැටුමේ දී  මියගිය  8 දෙනකු ද…

“බුරවී” සුළි කුණාටුව රටට ඇතුළු වෙයි ; හෙට උදේ වනතුරු රට හරහා ගමනේ

“බුරවී” සුළි කුණාටුව මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ත්‍රිකුණාමලය සහ මුලතිව් අතරින් එය රටට ඇතුළු වී තිබේ. අද රාත්‍රියේ රට හරහා ගමන් කරන එය හෙට උදේ වරුවේ මන්නාරම් බොක්ක වෙත ගමන්කරනු ඇත. පරීක්ෂාවෙන් සිටිමින් ආරක්‍ෂිත පියවර ගන්නා ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. හදිසි ආපදා තත්ත්වයට මුහුණදීමට…

“බුරවි“ සුළි කුණාටුව රාත්‍රී 7.00 – 10.00 අතර මුලතිව්වලින් පැමිණ උදේ මන්නාරමින් යයි

“බුරවි“ සුළි කුණාටුව රාත්‍රී 7.00 – 10.00 අතර මුලතිව්වලින් පැමිණ උදේ මන්නාරමින් යයි

“බුරවී’ නමින් හඳුන්වා ඇති සුළි කුනාටුව අද රාත්‍රී 7.00 සහ 10.00 අතර කාලයේ මුලතිව් ආසන්න වෙරළින් රට තුළට ඇතුළුවනු ඇතැයි ද , එය  රට හරහා ගමන් කොට හෙට උදෑසන මන්නාරම ආසන්නයෙන් ඉවතට ගමන් කරනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි . ත්‍රිකුණාමලය , කන්කසන්තුරය සහ පුත්තලම අතර ප්‍රදේශය “බුරවි“ සුළි කුණාටුවේ දැඩි බලබාමට ලක්වනු…

ෆයිසර් – බයෝ එන් ටෙක් කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ; අමෙරිකාවේ අනුමැතිය 15 දාට පෙර

ෆයිසර් – බයෝ එන් ටෙක් කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ; අමෙරිකාවේ අනුමැතිය 15 දාට පෙර

ෆයිසර් – බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එම එන්නත අනුමත කළ ලොව ප්‍රථම රට වන්නේ  බ්‍රිතාන්‍යය වේ. මේ අතර එම එන්නත සහ මැඩෝනා සමාගම නිපදවා ඇති එන්නත සඳහා අනුමැතිය දීම ඇමෙරිකාවේ වසංගත රෝග පාලන ආයතනය මගින් ඉදිරි සති දෙක තුළ සිදුකරනු ඇති බව වාර්තා වෙයි….