“බුරවී” සුළි කුණාටුව රටට ඇතුළු වෙයි ; හෙට උදේ වනතුරු රට හරහා ගමනේ

“බුරවී” සුළි කුණාටුව මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ත්‍රිකුණාමලය සහ මුලතිව් අතරින් එය රටට ඇතුළු වී තිබේ.
අද රාත්‍රියේ රට හරහා ගමන් කරන එය හෙට උදේ වරුවේ මන්නාරම් බොක්ක වෙත ගමන්කරනු ඇත.
පරීක්ෂාවෙන් සිටිමින් ආරක්‍ෂිත පියවර ගන්නා ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
හදිසි ආපදා තත්ත්වයට මුහුණදීමට සියල්ල සුදානම් කොට ඇති බව රජය කියයි.
