තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි
මෙසේ මිය ගොස් ඇත්තේ හලාවත පදිංචි 66 හැවිරිදි කාන්තාවක් හා කොළඹ 13 පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මෙම මරණ දෙක සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇත.
මහර බන්ධනාගාර ගැටුමේ දී  මියගිය  8 දෙනකු ද කොවිඩ් රෝගීන් බව හඳුනාගෙන ඇතත්, එම සංඛ්‍යාව කොවිඩ් මරණ ලෙස එකතු කොට නැත. ඔවුන් මියගියේ රෝගය නිසා නොවන බැවින් එම තීරණය ගෙන තිබේ.
කෙසේ වෙතත්, කොවිඩ් මරණ ආකාරයට එම මරණ ආදාහනයට කටයුතු කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *