කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාගත ඉහළ යාමක් ; අද දිනයට 878 ක්

කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කරමින් අද දිනයේ රෝගීන් 878 දෙනෙකු හඳුනාගනු ලැබ ඇත.

අද සවස් වනවිට ආසාදිතයන් 350 ක් වාර්තා වී තිබු අතර රාත්‍රියේ තවත් 528 ක් එක්වීමෙන් දිනක දී වාර්තා වූ උපරිම සංඛ්‍යාව වන 878 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 21,561ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ දක්වා මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25,091 ක් දක්වා වැඩි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *