ෆයිසර් – බයෝ එන් ටෙක් කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ; අමෙරිකාවේ අනුමැතිය 15 දාට පෙර

ෆයිසර් – බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම එන්නත අනුමත කළ ලොව ප්‍රථම රට වන්නේ  බ්‍රිතාන්‍යය වේ.

මේ අතර එම එන්නත සහ මැඩෝනා සමාගම නිපදවා ඇති එන්නත සඳහා අනුමැතිය දීම ඇමෙරිකාවේ වසංගත රෝග පාලන ආයතනය මගින් ඉදිරි සති දෙක තුළ සිදුකරනු ඇති බව වාර්තා වෙයි. එම ආයතනයේ පාලක සභාවේ රැස්වීමක්  මෙම මස 11 සහ 14 අතර පැවැත්වෙන බවත් ,එහි දී මේ සඳහා අවසන් අනුමැතිය හිමිවනු ඇතැයි ද ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි.

ෆයිසර් සමගමේ  එන්නත බ්‍රශිලයේ නිපදවා ඉන් විශාල තොගයක් මේ වනවිටත් ගුවන් මගින් ඇමෙරිකාවට ගෙන්වා ඇති බව ද වාර්තා වෙයි. අනුමැතිය ලැබූ වහා ම භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය තොග ප්‍රාදේශීය ලෙස ගබඩා කොට තැබීමට ෆයිසර් සමාගම කටයුතු කරමින් සිටියි.

යුරෝපයට අවශ්‍ය තොග සැපයීමට ද බෝයින් 707 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා විශේෂයෙන් සුදානම් කොට ඇති බවද වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *