සෞඛ්‍ය ඇමැතිනියට එරෙහිව වෛද්‍ය සභා සාමාජිකයෝ නඩු මගට ; අස්කිරීමේ බලයක් ඇමතිට නෑ !

තමන් තනතුරුවලින් ඉවත්කරන බව දන්වා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ත්‍රා වන්නිආරච්චි මහත්මිය විසි ඒවා ඇති ලිපිවලට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින්  කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු පස් දෙනෙකු තනතුරුවලින් ඉවත්කරන බව සෞඛ්‍ය ඇමතිනිය විසින් පසුගිය දා ලිපි යවා  ඇත.

කෙසේ වෙතත්, අදාළ සාමාජිකයන්  කියන්නේ තමන් තනතුරින් ඉවත් කිරීමේ බලයක් වෛද්‍ය සභා පනත යටතේ ඇමැතිනියට නැති බවයි. එබැවින් වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා තමන් නීති විරෝධී ලෙස ඉවත්කිරීම නොපිළිගන්නා බව එම නිලධාරීහු කියති .

සෞඛ්‍ය ඇමැතිනියගේ ක්‍රියාවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට වෛද්‍ය සභාවේ සාමාජිකයන් තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *