ආයතන සභාපතිවරු පෝලිමට අස්වෙති ; ආයෝජන මණ්ඩලයෙන් පසු අපනයන මණ්ඩල සභාපති

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මීට සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
සිය පෞද්ගලික ව්‍යාපාර කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු කිරීමට අවශ්‍ය නිසා තමන් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔහු පවසා ඇතැයි කියති.
මීට පෙර ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායකද සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ඒ අමතා ද ප්‍රකාශ කළේ පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වන බවයි.
රට අද මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ ආයෝජන මණ්ඩලයේ මෙන් ම අපනයන මණ්ඩලයේ ද ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වෙයි.
