ඊයේ (29 ) කොවිඩ් ආසාදිතයින් 460 යි ; මරණ එකයි

  ඊයේ ( 29 ) දිනයේ අලුතින් හඳුනාගනු ලැබූ කෝවි ආසාදිත සංඛ්‍යාව 460 ක් බව වාර්තා වෙයි. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 38,350 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 42,063 ක් ලෙස වාර්තා වී ඇත. එක කොවිඩ් මරණයක් ඊයේ දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 195 ක්…

ධම්මික පැණිය බිවු 05කට කොරෝනා ; පෝලිම්වල පොරකෑ සියල්ලන් අවදානමේ

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් කොරෝනා වෛරසය නසන ඖෂධය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. වරකපොල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 05ක් වූ දරුවකු සහ ඇගේ මව ඇතුළු පස් දෙනෙකු මෙසේ ආසාදිත වී ඇතැයි සංගමය සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා…

ඊයේ කොවිඩ් මරණ තුනක් – තිදෙනා ම කොළඹින් පිට

තවත් කොවිඩ් මරණ තුනක් ඊයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම මරණ තුන ම වාර්තා වී ඇත්තේ කොළඹින් පිට ප්‍රදේශ වලිනි. තෙල්දෙණිය , දර්ගා නගරය සහ දකුණු කළුතර පදිංචි තිදෙනකු මෙලෙස මියගොස් ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් පොකුරට අදත් (28 ) 530 ක් එක්වෙති

කොවිඩ් පොකුරට අදත් (28 ) 530 ක් එක්වෙති

අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිතයින් 530ක් අලුතින් හඳුනාගෙන ඇත. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 37,890 ක් දක්වා ඉහළ  ගොස් තිබේ. මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 41,578 ක් වශයෙනි.

ධම්මික පැණි බිවු වරකාපොල අයෙකුට කොරෝනා වැළදී රෝහල්ගත කෙරෙයි

කාලි අම්මාගේ වරමින් සැදු දේව ඖෂධයක් බව කියමින් ජන මාධ්‍යයෙන් විශාල ප්‍රචාරයක් කළ කෑගල්ලේ ධම්මික මහතාගේ පැණි බිවු වරකාපොල අයෙක් කොවිද19 වැළඳී රෝහල් ගතකොට ඇති බව වාර්තා වෙයි. වරකාපොල ප්‍රදේශයෙන් රෝගීන් 12 දෙනෙකු හමු වූ බවත් ඉන් එක අයෙකු ධම්මික පැණිය පානය කළ අයෙකු බවත් , ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් තහවුරු කොට ඇත. පසුගිය…

කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දෙන්නැයි අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව ජනපතිගෙන් ඉල්ලයි

කොවිඩ් – 19 වෛරස් ආසාදනය හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් යම් සෞඛ්‍ය කොන්දේසිවලට යටත්ව භූමදානය කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාවේ අන්තර් ආගමික සංවාද කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී. මෙම කරුණ පදනම් කරගනිමින් රජය අපහසුතාවට පත්වීම හා රට තුළ ඉස්ලාම් භක්තිකයින් අතර නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩහසර ඇති…

කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද ( 27 ) යලි වැඩි වෙයි.

කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද ( 27 ) යලි වැඩි වෙයි.

දිනකට වාර්තා වන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව පසුගිය දින කිහිපයේ දී තරමක් අඩු වී තිබුන ද , අද එම සංඛ්‍යාව 668ක් දක්වා යලි ඉහළ ගියේ ය. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 37,360 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 41,048 ක් ලෙස සටහන් වීය.

තවත් කොවිඩ් මරණ හතරක්

තවත් කොවිඩ් ආසාදිත මරණ හතරක් අද වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම මරණ වාර්තා වන්නේ පිටකෝට්ටේ , කඩවත ,රාගම සහ වවුනියාව ප්‍රදේශවලිනි. අද වාර්තා වූ මරණ සමග මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 191 ක් දක්වා ඉහළ ගියේය.

 කොවිඩ් අධි අවදානම් කලාප 47 ක්

 කොවිඩ් අධි අවදානම් කලාප 47 ක් නිර්මාණය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ 19 ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් දිස්ත්‍රික්ක 15 ක් කළුතර දිස්ත්‍රික්කයේ අධි අවදානම් ප්‍රදේශ 12 ක් නිර්මාණය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ…

විදුලිය මිල වැඩිකර ගන්න ගිහින් මාට්ටු යි ! විදුලිබල අමාත්‍යාංශයේ  යෝජනාව මුදල් අමාතාංශය ප්‍රතික්ෂේප කරයි
|

විදුලිය මිල වැඩිකර ගන්න ගිහින් මාට්ටු යි ! විදුලිබල අමාත්‍යාංශයේ යෝජනාව මුදල් අමාතාංශය ප්‍රතික්ෂේප කරයි

පෞද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිල දී  ගැනීමේ කොන්ත්‍රාත් දිගු කිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපත් කොට තිබු කැබිනට් පත්‍රිකාවකට මුදල් අමාත්‍යාංශය විරුද්ධ වී ඇති බව වාර්තා වෙයි. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ විදුලිය මිල දී ගැනීමේ දී විදුලි ඒකකයකට ගෙවන මිල වැඩි කොට පෙන්වා තිබීම ය. මෙසේ මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තු අලුත් කිරීම ප්‍රතික්ෂේප කොට…

අවිස්සවෙල්ලෙන් තවත් කොවිඩ් පොකුරක් !

අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 150 ක් හඳුනගෙන ඇති බව වාර්තා වෙයි. එය කොළඹ නගර සභා බල ප්‍රදේශය හැරුණු විට එක ප්‍රදේශයකින් දිනක දී හමු වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව බව කියති. වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම නිසා අවිස්සාවේල්ල, රුවන්වැල්ල, සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ මේ වන විට අගුලු දමා  හුදෙකලා කොට තිබේ

දකුණේ කොවිඩ් පොකුර 835 ට නගී

දකුණු පළාතෙන් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 835 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. පළාත් කොවිඩ් මර්ධන ඒකකය ප්‍රකාශ කොට ඇත්තේ මෙයින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් හමු වී ඇති බවයි. ගාල්ල නගර සහා බල ප්‍රදේශය, බෝපේ – පොද්දල , ඉඳුරුව,පලපිටිය සහ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය කොට්ටසවලින් ආසාදිතයින් වැඩි වශයෙන් හමු වී තිබේ. මාතර…