කොවිඩ් අධි අවදානම් කලාප 47 ක්

 කොවිඩ් අධි අවදානම් කලාප 47 ක් නිර්මාණය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ 19 ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් දිස්ත්‍රික්ක 15 ක් කළුතර දිස්ත්‍රික්කයේ අධි අවදානම් ප්‍රදේශ 12 ක් නිර්මාණය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභාවට අමතරව බත්තරමුල්ල , බොරලැස්ගමුව , දෙහිවල , එගොඩඋයන , ගොතටුව , හංවැල්ල , හෝමාගම , කඩුවෙල , කහතුඩුව , කැස්බෑව , පාදුක්ක , පිලියන්දල , පිටකොට්ටේ සහ රත්මලාන අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තගල්ල , බියගම , දිවුලපිටිය , දොම්පේ , ගම්පහ , ජා ඇල , කටාන , කැළණිය , මහර , මිනුවන්ගොඩ , මීරිගම , මීගමුව , රාගම සහ වත්තල ප්‍රදේශ අයත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *