දකුණේ කොවිඩ් පොකුර 835 ට නගී

දකුණු පළාතෙන් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 835 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
පළාත් කොවිඩ් මර්ධන ඒකකය ප්‍රකාශ කොට ඇත්තේ මෙයින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් හමු වී ඇති බවයි.
ගාල්ල නගර සහා බල ප්‍රදේශය, බෝපේ – පොද්දල , ඉඳුරුව,පලපිටිය සහ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය කොට්ටසවලින් ආසාදිතයින් වැඩි වශයෙන් හමු වී තිබේ.
මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවකින් රෝගීන් හමු වී ඇති අතර එම ප්‍රදේශ හුදෙකලා කිරීමට ද , පියවර ගෙන තිබේ.
