ධම්මික පැණි බිවු වරකාපොල අයෙකුට කොරෝනා වැළදී රෝහල්ගත කෙරෙයි
කාලි අම්මාගේ වරමින් සැදු දේව ඖෂධයක් බව කියමින් ජන මාධ්‍යයෙන් විශාල ප්‍රචාරයක් කළ කෑගල්ලේ ධම්මික මහතාගේ පැණි බිවු වරකාපොල අයෙක් කොවිද19 වැළඳී රෝහල් ගතකොට ඇති බව වාර්තා වෙයි.
වරකාපොල ප්‍රදේශයෙන් රෝගීන් 12 දෙනෙකු හමු වූ බවත් ඉන් එක අයෙකු ධම්මික පැණිය පානය කළ අයෙකු බවත් , ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් තහවුරු කොට ඇත.
පසුගිය දිනවල ජන මාධ්‍ය මගින් ප්‍රචාරය කළේ මෙම පැණි බිව් කිසිවකුට ජීවිත කාලයට ම කොවිඩ් රෝගය නොවැලදෙන බවයි.
මේ අතර කතානායක කාර්ය මණ්ඩලයෙන් ද , කොවිඩ් රෝගීන් හමු වී ඇති බවත් , ඒ අතර ද ධම්මික පැණි බිව් ය සිටින බවත් , දැනගන්නට ඇත.
